(අංජුල මහික වීරරත්න)
ජනතාවට අහිතකර ලෙස බලපාන කිසිම ඉල්ලීමක් වත් දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
" අපි රට යාන්ත්‍රීකරණය කලාට අපි යාන්ත්‍රික මිනිසුන් නොවේ.ඒක හොඳින් මතක තබාගන්න.ඒ නිසා සේවක රැකියා පිළිබඳව අප හොඳින් සංවේදී වෙනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ තවත් තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
"අකුරට වැඩ කරන්න ,ලෙඩ නිවාඩු ගන්න කියන්නකෝ.මෙහෙම වැඩ කරන්න බෑ. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කැමති සමාගමකට යන්න පහසුකම ලබා දී තිබෙනවා.
විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන පිරිවැය ඩොලර් සත පහ දක්වා අඩු කර ගැනීම අපේ අරමුණයි. අප ඒ ඉලක්කයට වැඩ කරනවා.
විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවට අප තවමත් විශ්වාස කරනවා. ඒ සඳහා අපට ප්‍රභවයන් තියෙනවා. සුළඟ, සූර්ය බලය සහ ජල විදුලිය තියෙනවා.හැබැයි ප්‍රභවයෙනුත් අවභාවිතාව සිදුවුණා යැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජනතාවට අහිතකර එක ඉල්ලීමක් දෙන්නේ නෑ
මහසෙන් Wednesday, 17 September 2025 03:38 PM
මේ කාලේ අහිතකර ඉල්ලීම් ඒ කාලේ හිතකර වෙන්න ඇති නේද මහත්තයෝ...?
sene Wednesday, 17 September 2025 03:43 PM
කියවීම නවතා යමක් කරන්න පටන් ගන්න, තවම අනුන් කළ දේ තමන් ගේ ලෙස පුරසාරම් දෙඩීම හැර, නෑ හිස් බස්...
අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 03:49 PM
ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි බලයක් දුන්නේ රට හදන්න මිසක එක එක පාගර නැට්ටන් ළග නැවෙන්න ඇඹෙරෙන්න නොවෙයි. එනිසා හරි තීන්දු අරගෙන ඒවා කෙලින් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමනි රටේ මහජනතාවගෙන් බහුතරයක් ඉන්නවා ඔබ සමග.
සෙනෙවිරත්න Wednesday, 17 September 2025 04:41 PM
අරවින්ද මොණරවිල, පඟරනැට්ටා ගැන කියන්න එපා. ලොක්කට හරියට තරහා යනවා. ඔයාගේ ජොබ් එකත් ගහලා යයි.