(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ව්‍යසනය හමුවේ වුවත් රටේ බහුතර ක්ෂේත්‍රයන්ට සහන සලසමින් රටේ ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයට මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කොළඹදී අද (24) පැවසීය.
රටේ පවතින බරපතළ සංකීර්ණ තත්ත්වය මැද්දේ රට ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
මෙවර අයවැය අය-වැය සම්බන්ධයෙන් විපක්ෂයට පැහැදිලි අවබෝධයක් නොමැති බව ඔවුන් පාර්ලිමේන්තු විවාද ආකාරයෙන් පෙනී යන බවත් බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"රටට වඩාත් යෝග්‍ය දායි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළා. විපක්ෂය පැත්තෙන් හරවත් යෝජනා අපි මේ සම්බන්ධයෙන් අපේක්ෂා කළා. නමුත් මෙවර අය-වැයේ අන්තර් ගත කොටස් සම්බන්ධයෙන් අවබෝධයකින් විපක්ෂයේ කටයුතු කරන ආකාරයක් අපට පෙනී ගියේ නැහැ.
ඔවුන් මේ මොහොතට අදාළ යම් යම් ජනප්‍රිය දේශපාලන කාරණා මතු කරමින් මේ අය-වැය විවාදයේ ගත කරන ආකාරයක් තමයි අපට පෙනී ගියේ.
ගමේ සාමාන්‍ය ජනතාවත් එක්ක කටයුතු කරන මහජන නියෝජිතයෙක් විදියට මට පෙනී ගිය කරුණු පෙළ ගස්සන්න මම කැමතියි. ලංකාව නිදහස ලබා ගත්තට පස්සේ ඉදිරිපත් කරපු 76 වන අයවැය විදියට මෙවර අය-වැය ඉතාමත් විශේෂ වුණා. බරපතළ ගෝලීය ව්‍යසනයක් හේතුවෙන් රටේ ආර්ථීකය මුළුමනින්ම ප්‍රහාරයකට හසුව තිබෙන අවස්ථාවක තමයි මෙවර අයවැය අයවැය මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කළේ.
මේ හා සමානව අයවැයක් ඉතිහාසයේ ඉදිරිපත් වෙලා නැහැ.
මෙවර අය වැයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා රටේ බහුතර ක්ෂේත්‍රයන්ට සහන සලසමින් රටේ ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයට මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. රටේ පවතින බරපතළ සංකීර්ණ තත්ත්වය මැද්දේ රට ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
අද දේශීය වශයෙන් පමණක් නෙවෙයි ලෝක මට්ටමෙනුත් නිෂ්පාදන ක්‍රියාවලිය, සේවා වැඩසටහන් බිඳවැටිලා ප්‍රවාහන ගාස්තු හෙල ගිහින් ආහාරපාන ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් දේශීය නිශ්පාදිත ආයතන කඩාවැටිල සැපයුම්ා සැපයුම් දාමයන් බිද වැටිලා තියෙද්දි මේ සියල්ල කළමනාකරණය කර ගනිමින් සියලු ක්ෂේත්‍ර වලට සහන ලබාදෙන අයවැයක් තමයි මුදල් අමාත්‍යවරයා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.
විපක්ෂයේ මෙහි අන්තර්ගතය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව තමයි පාර්ලිමේන්තු විවාදය තුළ හැමදාම කතා කළේ. කොවීඩ් ව්‍යසනය හේතුවෙන් ආදායම් අහිමි වුණු සියලු ක්ෂේත්‍ර සඳහා සහන සලසන්න මෙවර අයවැයෙන් හැකි වුණා. නිෂ්පාදිත ආර්ථිකයක් සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් දීර්ඝකාලීන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතන් හිටියෙ නිවේදකයෙක් කියලා බලන් ගියාම ඔස්කාර් ගන්න පුළුවන් තරමේ නළුවෙක්...
ඇත්තටම අය වැය හැදුවේ බැසිල් නම් ඔහුගේ උගත්කම ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. සින්හලවත් හරියට උච්චාරනය කරගන්න බැරි ඔහුගේඉංග්‍රීසිත් අන්තිමයි. මෙවන් සාක්ශරතාව අඩු කෙනෙක්ගේ හැකියාව කුමක්ද විශේශයෙන්ම බඩගින්නේ එලිපත්ත උඩ තියෙන රටක අය වැය සකසන්න. මෙය කෙතරම් භයානකද? සම්මුඛ සාකච්චාවලදී ඔහු දෙන උත්තර වලින්ම පෙනෙනවා ඔහුගේ ආර්තිකය පිලිබද දැනුම කෙතරම් අඩුද කියා. මොහුට වඩා දසදහස් ගුනයකින් අනුර කුමාරගේ දැනුම පුලුල්.
ඇත්ත. ගොත ගගහ කියපුව නම් ලස්සනයි. යටින් යන වැඩේ තමයි තාම හිතාගන්න බැරි.
ඒක ඇත්ත කිසිම අවුලක් නැතුව ගෙදර ඉඳන් බලන්න පුළුවන් උනා.
කාටමහරි ඇත්තටම ආර්ථිකේ හදන්න ඕනනම් අපිට ඇති සහ නැති දේ තේරුම් ගන්න ඕන.
දැනටමත් පීඩා විඳින ජනතාවට අයවැයෙන් සෙතක් වෙලා තියෙනවද.?
ජනතාවට දෙන්න පුළුවන් උපරිම පීඩාව දීලානේ තිබුනේ.
විපක්ෂය අය වැය පට්ට ගහන්නෙ හොදින් කියවලා .නුඹේ කතාවෙන් පේනවා තවමත් අය වැය ලියවිල්ල අකුරක්වත් කියවා නැහැ කියලා .ලබන අවුරුද්දෙම මොන්ටිසෝරි යන්න, බැරි නම් මොන්ටිසෝරියක් ළගින් ගිහින් එන්න
පීඩාව දන්නේ ජනතාවනේ. ජනතාවගෙන් විමසන්න
අපරාදේ කියන්න බැහැ පොහොට්ටුවේ අය කටපාඩම් කරලා එකම ගාථාවක් කියනවා.