
(යොහාන් භාසුර)
ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය ඇති කළ බවත් ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනය සැබෑ කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය පහත දැක්වේ.
"ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණි…."
සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංඛේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ.
ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මා ද දුටු සිහිනයකි.
2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යකට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි. ත්‍රස්තවාදීන් යුධ, නාවික, ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘ භූමියෙන් තුනෙන් එකක් සහ එහි වෙරළ තීරයෙන් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ. උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ද, අසාධාරණ ලෙස බදු ද උපයමින් තිබිණි. තරුණ තරුණයින් ද, පාසල් වයසේ කුඩා දරුවන් ද බලහත්කාරයෙන් තම හමුදා වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මරමස්ථාන, ආගමික ස්ථාන හා දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි. අවසානයේ ජනතාවගේ පිපාසය සන්සිඳවූ, කුඹූරු අක්කර දහස් ගණනක් අස්වැද්දූ ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදයේ කුරිරුබව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත්, එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි.
ලෝකයේ බලවත්ම රාජ්‍යන් පවා ත්‍රස්තවාදයට බියවද්දී , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවදයට එරෙහිව ප්‍රතිවාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. එල්.ටී.ටී.ඊ්. ත්‍රස්තවාදීන් 1975 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමට භාවිත කළ තුවක්තුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යෑමට තැත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි. අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමයි. වීරෝදාර යුධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දෑතින් දරාගෙන, මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක එකේ මානුෂීය හමුදාවේ සේනාධි නායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවීයන අද දිනයේදී ද ඔවුන් වෙනුවෙන් ලෝකය සමඟ දේශපාලනිකව යුධ වදිමි.
පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊලාම් සිතියම නිරූපිත දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාල වකවානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි. එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධි නායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යූධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළහ. එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්‍රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුධ අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි.
සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි. දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.
එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුධ බිමේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා අබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.
රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් දැසින් සොයන මව් වරුන්ද , පිය වරුන් ද මා දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි.
මහින්ද රාජපක්ෂ
පස්වන විධායක ජනාධිපති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක එහෙම වුණාට යුද්ධයෙන් පස්සේ සුද්දෙන් නතරකලේ මාලිමාවට පින්සිද්ද වෙන්නයි.
කොටි ත්‍රස්ත මර බිය නැතිකලේ ඔයා තනිවම නොවෙයි. දහස් ගණන් රණ විරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්. ඒකට නායකත්වය දුන්නු යුද හමුදාපතිව හිරේ දැම්මා. මැර බිය, හොර බිය, දූෂණ බිය, ණය බිය, පාදඩ බිය රටේ වැපිරුවා...
අද වගේ මතකයි. ගැබිතිගොල්ලෑවේ පාසල් බස්එකක කොටි බෝම්බ පිපිරෙව්වා. දරු පැටව් කෑලි කෑල් වෙලා විසි වුණා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එතැනට ගියා. එතුමාගේ මුහුණේ තිබුණු වේදනාබර අධිෂ්ඨානය අපි රූපවාහිනියෙන් දැක්කා. ජාතියටම පියෙක් වගේ කොටි නැති කරන්න ඕන තීරණය එතුමා ගත්තා. එක එක අය විවිධ දේ කියයි. නමුත් හිටපු ත්‍රිවිධ හමුදාවටම තමයි එතුමා නායකත්වය දුන්නේ. ඒ හයියෙන් තමයි රණවිරුවන් පිබිදුනේ. මෙතුමාටත් සියලු රණ විරුවන්ටත් ජාතියම සදා ණය ගැතියි...
ඇත්ත අපි එයට ගරු කරමි. නමුත් සුද්දේ පටන් ගත්තේ කවුද? සුද්දේ නතර කළේ කවුද. සුද්දේ නතර කළ පුද්ගලයාටත් අපි ගරු කරමි..!
ජනතාවට මරබිය ජනතාවගේ මුදලින් හමුදාවේ අය නැතිකළා...! තවමත් ඒ වියදම්වල බර මහජනයා මත පැටවිලා...! ඒ මදිවාට ඔබතුමා සොරබිය මුළු රටටම ඇතිකරලා රටම බංකොලොත් කළා! මාලිමාව සොර බිය නම් නැති කළා!! මරබියේ වියදම් තවම ජනතාව දරනවා..!!!
ඔබතුමාගේ කාලයේ රටේ නායකයා විදිහට අවශ්‍ය දායකත්වය ලබා දුන්නා. ත්‍රිවිද හමුදාවන්, තම දිවි පරදුවට තබා සටන් කරපු, ජීවිත පූජා කරපු... ආබාධිත වූ සියලුම රණවිරුවන්ව සහ යුද්ධය දිනා දීම වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සහාය දක්වපු සෑම දෙනාම, ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ හැමෝටම අපගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා.
අහස් කූරක්වත් පත්තු නොකර යුද්ධය අවසානයේ කෙරුවා කියන්නේ අන්දරේ වගේ විකටයෝ මා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ දේශප්‍රේමී රණවිරුවන්ට හා සියලු හමුදා නිලධාරීන්ට ස්තුතියි. ඔබලා සටන් කළේ සාමය නැවත ස්ථාපිත කරන්න මිස ලේබල් ගසාගන්න නොවේ... මේ මගේ මතයයි..
ඊට පස්සේ බයේ හිටියේ අපේ සල්ලි වලින් අපිට හෝන් ගගහ පාරෙන් අයින් කරන් යන රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කරපු අයට. අරගලයට පින් සිද්ධ වෙන්න ඒක නැවතුණා. ස්තූතියි හැමෝටම...!
අපිට පේනවා... රට ගිනිතියපු ජෙප්පෝ දැන් කුලප්පු වෙලා.. ගමේ ගම්කබරයින් සෙට් එක... ෂර්ට් එකේ බොත්තම් ටිකවත් දාගන්න දන්නේ නෑ. ඉංග්‍රීසි වචනයක් කතාකරන්න දන්නේ නෑ. මෙයාලාට පුළුවන් රට නැතිකරලා, විනාශ කරලා දාන්න.
පට්ට මාධ්‍ය නිවේදනයක් ලොක්කා නිකුත් කරලා තියෙන්නේ… මේ වගේ නිවේදනයක් දකින්න මේ දවස්වල අකමැතිම පක්ෂය තමයි මාලිමාව .ලොක්කා හොරාකාපු එකක්වත් හොයාගන්න බැරුව දතා කට පූට්ටුවෙලා ඉන්න වෙලාවේ, මේ වගේ නිවේදනයක් නිකුත් කලොත්, මාලිමාවේ කෙනෙක් කොහොමද ඉවසන් ඉන්නේ?
නෑදෑයෝ ඕනවාට වඩා ලංකරගන්න එපා කියන්නේ ඕකට තමා.
ඉතාම අඳ බාල මානසිකත්වයකින් පෙළෙන පවක් පිනක් නොහඳුනන,කළගුණයක් නොදන්න , කුහක කම් ඊර්ෂ්‍යාව පිරිරුණු මාලිමා අසූචිවලින් හිස පුරවාගත් , හිස් මිනිසුන් කිසිදවසක රටට දැයට ආදරයක් කරයිද
ගුණමකුවන්, ඉරිසියාකාරයන්, කුහකයන් කෙතරම් උඩු බිරුවත්, ආඩපාලි සහ මඩ ප්‍රහාර එල්ල කළත් එල්ටීටීඊ මිනීමරුවන් මේ පොළොවෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට නායකත්වය දීම පිළිබඳ පොදු ජනතාව තුළ ඔබතුමා සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රසාදජනක හැඟීමකි. ස්තුතියකි. ආදරයකි! චිරං ජයතු ජනාධිපතිතුමනි!
විශේෂයෙන් 3%ක ජනතා විමුක්ති පෙරමුණේ පරම්පරාවෙන් පැවත එන වහලුන් සහ මෑතකදී NPP බයියෝ බවට පත් වූ අය මොන විකාර කිව්වත්, ත්‍රස්තවාදය පරාජය කළේ මහින්දගේ නායකත්වයයි. ඒ කාලේ මේ NPP වහලුන් පන්සලට සහ පල්ලියට ගියේ හෙට මැරෙන්න අකමැති ජීවිතයක් ගත කිරීමට සහ අනාරක්ෂිත වීමට ආශිර්වාද ලබා ගැනීමටයි. ඒ කාලේ ලංකාවේ ජීවිතය එහෙමයි. මොනවා වුණත් මේ බයියෝලාට කෙටි මතකයක් තියෙනවා. කවුද කළේ කියලා හැමෝම දන්නවා. හාස්‍යජනක දෙය නම් ගෝඨා රටින් පිටව යන විට තබුත්තේගම කියන මිනිසා කොහේවත් නැහැ, පුතනෝ කියලා කෙනෙක් නැහැ. අද ප්‍රභාකරන් හිටියා නම්, මේ මිටි අගුතුමිත්ත මේ රට LTTE එකට දෙන්න පුළුවන්. තබුත්තේගම මිනිහා මහන්දා බයියෝව කොච්චර මෝඩයෙක් කළාද කියනවා නම් මේ මිනිහට ක්‍රිඩිට් එකක් දෙන්නවත් බෑ.
ඔබ යුද්ධය මෙහෙයපු ආකාරය ගැන කිසිඳු තර්කයක් නැහැ. යුද ජයග්‍රහණයෙන් පස්සේ තමා වැඩේ අවුලක් කරගත්තේ...!
මර බියෙන් ජීවත්වීමේ යුගය නැති කිරීම කෙසේ වෙතත්, පවුලේ උන්ව කිට්ටු කරගෙන කරපු දේවල් නම් ඕනතරම්. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි ලෝකෙම දන්නවා. යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලණීකරණය කෙරුවා. හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම කාබාසිනියා කෙරුවා. ජනතාව රවට්ටලා බලයට ඇවිත් පෙන්වපු ආසියාවේ ආස්චර්‍යක් නැහැ. පව්ලේ හතර වරිගෙම ඉන්න අයට නම් පෙන්වලා තියෙනවා...
මහින්ද යුද්ධයේ වීරයා කියලා දඟලන්න හැදුවාට, ඇත්තටම මහින්ද හිටියේ යුද්ධ කරන්න නොවෙයි. මහින්දට යුද්ධ කරපන් කියලා ලොකු බලපෑමක් කලේ ජේවීපී එක.. හුඟාක් දෙනෙක් මේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ… මහින්ද හිටියේ ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහලා උඹ උතුරු කරපන් මම දකුණු කරන්නම් කියන ස්ථාවරයේ… මහින්දයි ඔහුගේ සහචරයෙනුයි අද බොරුවට දඟලනවා…
සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ කුදලන් ගිය එක ගැන දුකයි. දරුවෝ 11 පිළිබඳව ඊටත් වැඩිය පට්ටම දුකයි...
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ යුද හමුදාව, නාවික, ගුවන්, පොලීසිය යන සියළුම ආරක්ෂක හමුදාවන් එකා මෙන් රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මෙන්ම ජීවිතාන්තය දක්වා ආබාධිතයන් වෙමින්, සටන් වැදුණු හැටි... මෙම කෙටි කාලය තුළදී සමහරුන්ට අමතක වීම පුදුමයක් නොවෙයි. ලොකයේ සිටි දරුණුම, මිනීමරු, කුරීරු, කොටි ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැම්මේ ඔය හුටපට යාංහැල්ලක් ප්‍රසිද්ධ කරණ මැදමූලන මයිනාද, අපේ රටේ වීරෝදාර හමුදාවන්ද කියා අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. "කෙලෙහි ගුණ දන්නා ", රටේ ජනාධිපති හැටියට, රට බේරාගත් යුද හමුදාපතිවරයාට කළ අසාධාරණ, අනීතික සිර දඬුවම පමනක්ම සෑහේ.. මයිනා, අවීචි මහානරකාදියේ, කටුඉඹුලේ නංවා කල්ප ලක්ෂ ගණනාවක්ම විඳවීම සඳහා...!
සිංහලයින්ගේ නියම නායකයා. ඔබ තුමාට නිදුක් නිරෝගි දිවියක්. සිංහල රටෙි පර ජාති්න් ඉවර කරන දවස එනතුරු බලා සිටිමු.
ඒ යුද්ධයේ මහ මොලකරුට මරණ බිය ඇති කලා
යුද්ධය අවසන් කරන්න ප්‍රධාන නියමුවා වුණේ සරත් ෆොන්සේකා මහතා බව සමස්ත ලංකාවම දන්නා කරුණක් වුවත් අවසානයේ එතුමාව හිරේ විලංගුවේ දාලා දස වද දීලා රාජපක්ෂවරු මහා පාපකර්මයක් කරගත්තා.
යුද්ධය ඉවර කරපු ඒ නායකත්වය නම් ඉතිහාස ගතවෙලා තියෙනවා... ඊට පස්සේ රට බංකොලොත් කරපු එකාගෙන් ඒක මැකිලා ගියා.
එක දේශපාලුවෙක්ට වත් වඳින්න ඕන නෑ. මහින්ද යුද්ධයට කැමැති කරගත්තේ කොහොමද කියලා පාඨලි කියලා තියෙනවා. කොහොමත් ජයග්‍රහණයකට පියවරු ගොඩයි.
ඊට පස්සේ ඕන විදිහට හොරකම් කරන්න දීලා රටම සුද්ද කළා.
මර බිය නැති වුණාට, රාජපක්ෂ ආඩම්බර වුණා වැඩියි. පවුලේ අය එකතු වෙලා රට බංකොළොත් කළා... මතකයිනේ හෙල්පින් හම්බන්තොට. ඔය හොරකම්, මැරකම් නැතිව හිටියා නම් මතක තියාගන්න ඔබතුමා ජනාධිපති.
යුද්ධය පැවතුණු කාලෙටත් වඩා මරබිය දැනුනේ දූෂිතම පව්ල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතියට බයෙන්.. ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, කරපු හරිය හොඳටම ඇති.. රිරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු..!
ඔය පවුල විනාශ කෙරුවේ මුදල් වලට පෙරේත බැසිල්, නූගත් නාමල් සහ අවට හිටිය වන්දි බට්ටයෝ ටික. මහින්දට තිබුණු ගෞරවය නැත්තටම නැති කෙරුවා බැසිල් ප්‍රසිද්ධියේ හොරකම් කෙරුවා... ඇමැතිලා සෙට් එකත් එක්ක. බලයෙන් මත්වෙලා හිටියේ... නාමල් හිතුවේ රජ කුමාරයෙක් කියලා. ඡන්දෙන් ආවා කියලා මතක නැති වුණා. අන්තිමට සරත් ෆොන්සේකාට කරපු අපරාදේ දැක්කනේ... ඒවා පාරා වළල්ලක් වගේ ආපහු කැරකුණා. ඔය පරම්පරාවට ආයේ ලංකාවේ දේශපාලනය කරන්න ලැබෙන්නේ නෑ. මේවා මතක තියෙන මිනිස්සු ඉන්නකන්....