
(ඩයනා උදයංගනී)
රටම මහා අභාග්‍යයකට මුහුණ පා අවස්ථාවක දේශපාලනඥයන් ද ජනතාවගේ පැත්ත ගත යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු දිනයේ දී තමන් ද පාරට බැස්සේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමඟ ජනතාව පීඩාකාරී තත්වයක සිටින විට ගෙදරට වී සිටීමේ හැකියාවක් තමන්ට නැතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
නව ආණ්ඩුවක් පිහිටුවීමට නොදී වත්මන් ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සාහ කළහොත් රටේ ප්‍රශ්න තවත් උග්‍ර වනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් අද (1) රට පුරා සංවිධානය කර තිබූ විරෝධතා මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් විරෝධතාවයට එක්වෙමිනි.
රටේ පවතින අභියෝග ජයගැනීමට නම් ජනතා ප්‍රශ්න තේරුම් ගත් ආණ්ඩුවක් ආ යුතු බව කී හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ජනතා ප්‍රශ්න දෙස තවත් බලා සිටිනවාද නැතිනම් ජනතාවට සුදුසු ආණ්ඩුවක් තෝරාගන්නට ඉඩදී ඉවත්වෙනවාද යන්න දෙස ජනතාව බලාසිටින බව සඳහන් කළේය. එසේ නොවුවහොත් ජනතාව නිවෙස්වල මියයන තත්වයක් ඇතිවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් රටේ ලක්‍ෂ 2ක 3ක පිරිසක් බඩගින්නේ සිටින බවත්, ආහාර ඉල්ලා තමන්ට රට පුරා ජනතාවගෙන් ඇමතුම් ලැබෙන බවත් කීවේය. තමන් ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන යන විරෝධතාවයට ආශීර්වාද කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ගෙදරට වෙලා හිටියා නම් ජනතාවට දුක අඩුවෙනවා. ආරක්ෂක භටයින්ට, වාහනවලට, තෙල්වලට යන වියදම් ඔක්කොම ඉතුරුයි...
එතකොට අහිංසක ජනතාව මැරෙද්දී සිංගප්පූරුවට ගිහිල්ලා පවුල් පිටින් ඉන්න පුළුවන්ද? තමන් කළ වැඩවල ප්‍රතිඵල තමයි අද මේ වෙලා තියෙන්නේ. තවත් මෝඩ රැළේ කොටසක් ඉන්න හැඩයි.. කිඹුල් කඳුළු මොකටද?
ඒ වුණාට ඔබත් ඕනේ නෑ. පත්තරෙන් වෙන්න ඇති දන්න ඇත්තේ...
පාස්කු ප්‍රහාරය වුන අවස්ථාවේ ඔය දිවෙන් පිටවුන මෛත්‍රී වචන කොහේද තිබුණේ..? 225 හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කළානම් රට ගොඩ..!
මෙවැනි අවස්ථාවාදී දේශපාලකයින් ට රැවටෙන්න එපා. එයාලා බරපතල ලෙස මේවාට වග කියන්න ඕනෑ. එයා ජනාධිපති වෙලා හිටපු කාලේ බුදියගෙනද හිටියේ? රට විනාශ කළා.
රට විනාශ කළ රාක්ෂයින් උපාසක වෙස් ගන්නවා වගේ.., ජනතාවනි, පරිස්සම් වෙන්න.
පාස්කු ප්‍රහාරය ගැන කණගාටුවක් තිබිලා නැහැ. පස්ස දොරින් දින 52න් අගමැතිකම පුදලා රටේ ඇතිකරපු වින්නැහිය මතක නැහැ වගේ... ජනතා අරගලයට බයෙන් දැන් සුදනා වෙන්නයි හදන්නේ...
ඉතින් හලෝ ඔහේ පාරට බැහැලා මොන බම්බුවක් කරන්නද? මේ අහේනිය මේ අවුරුදු දෙකහමාරට ආපු කෙනෙක් නොවෙයි. 1977 සිටන්ම එන එකක්. ඔහෙලගේ කාලේ නේද බැංකු මංකොල්ලය සිද්ද වුනේ? ඔහේ කඩුවත් කරට අරගෙන එළියට බැහැලා අන්තිමට කඩුව කොපුවේ දාගෙන කරපු හරිය අපි දැක්කනේ.... මොකද අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ජනාධිපතිකම ගන්නද කල්පනාව? ලැබෙයි ලොකුවට...
ගෙදර කියන්නේ අර රාජ්‍ය දෙපළක් හැටියට තිබ්බ ගේ වෙන්න ඇති...
දුක් විඳීමට එක හේතුවක් තමයි මෙයාලාගේ මෝඩ රාජ්‍ය පාලනය..!
කෝටි 8ක් ගෙදර ඉන්න කොහොමත් බැහැනේ. උසාවියෙන් එලෙව්වා නේද?
ප්‍රවේසමෙන්...!
කොහොමත් ජනතාව දුකේ... එයාලා සැපේ...
ඒකටද පුතානෝ සමග එකතු වී ජනතාව මේ වලපල්ලට ඇදලා දැම්මේ? දැන් මේවා හැමදෙනාම දන්නවා. සුදනෝ වෙන්න එපා දෙන්නම... කරපු හැමදේම හෙවනැල්ලක් වගේ දෙන්නාගේම පස්සෙන් එන්න ළඟයි.
මේ වගේ කෙනෙක් අපේ දේශපාලන ඉතිහාසයේ හිටියේ නැහැ.