
(අංජුල මහික වීරරත්න)
රජය ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන තත්ත්වයන් හරියට නිරීක්ෂණය කොට කටයුතු නොකළොත් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තරය මෙන්ම ආසියාව පිළිබඳ හොඳ දැනුමක් තිබෙන නායකයකුගේ අවශ්‍යතාව රටට හොඳින්ම දැනෙන්නේ මෙවැනි අවස්ථාවක බවද අබේවර්ධන මහතා කීය.
මේ වන විට ලෝකයේ යුදමය වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන්නේ යැයි කී අබේවර්ධන මහතා දෙකෝටි විසි ලක්ෂයක් වන ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන වගකීම රජයට පැවරී ඇතැයි කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ බොහොමයක් අද වන විට වෙනස් කරමින් සිටින බව කී අබේවර්ධන මහතා මේ ගැන රට පාලනය කිරීමේදී බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන්නේ යැයි කීය.
බාර ගත් වගකීම හරියාකාරව ඉටු කිරීමේ බරපතල වගකීම රජය මත පැවරී තිබෙන්නේ යැයිද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලට ජාත්යන්තරේ ගැන තිබ්බ අවබෝධය නිසා ලංකාව බංකොලොත් උනා මතකද .දැන් කරන්නේ නැතුව හිටපන් . උඹලා දැන් කුණු කූඩෙට වැටිලා ඉවරයි .උඹලා හරිනම් මේ රටෙන් පිටුවහල් කරන්න ඕනි "මෝඩයින් "
මලගෙවල් වල රෑට පාලු මකන්න එක්ක යන්න හොදයි විටක් හප හප අහගෙන ඉන්න
ඒ කියන්නෙ ඔහෙල එහෙම කරල නෑ කියල පිලිගන්න එකද අප්පුහාමි? ඒකනෙ ඔහෙලගෙ කාලෙ රට බංකොලොත් උනේ!
මේකා තුන්වේලට කන්නෙ පුන්නක්කුද?
දැන් ඔය ජාත්‍යන්තරේ ගැන හොඳ දැනුමක් තියෙන පාලකයො කරපු වැඩ වල ප්‍රතිවිපාක නම් අපි තාම විඳිනව හොඳට.
අපිට ප්‍රශ්නය ගැන වැටහීමක් තියෙනවා, හැබැයි මෙයාව නම් තේරෙන්නෙම නෑ...
කිසිම තේරුමක් නැතිව වල් පල් දොඩන මේ මනුස්සයට මයික් අල්ලන මිනිසුන්ට වාරණයක් දාන්න ඕනේ
පුදුම කාලකන්නියෙක්. කට ඇරියොත් රට වැටෙන කතා විතරයි කියන්නෙ. මාස ගාණක ඉදන් බලන් ඉන්නවා රට වැටෙනකම්. තමුන්ගේ ලොක්ක ඔච්චර වැඩ්ඩෙක් නම් ජාත්‍යන්තරේට කතා කරල යුද්දෙ නවත්තනවකො.
වැරදිලා ජාතක උන පුද්ගලයෙක්
අනේ මෙහෙම මනිහෙක්, ඔය ලොක්කගෙ කෙරුවාවල් අපි දිනපතා අලුත්කඩේ උසාවියෙදි දකිනව.
අනේ යන්න. ඔයා මෙච්චර කල් එකතුවෙලා කරලා තියන ටීක එළියට එන්නේ...
තමුන් කියන කතාවලට අපිට දෙකොනින්ම හිනා යනවා. වැල් පාලමෙන් එගොඩ වෙලා 2048 දී රට සන්වර්දනේ වෙනකම් බලාගෙන ඉන්න කිව්වෙත් තමුන්ගේ මහදැනමුත්තා?
ජාත්යන්තරේ කෙසේ වෙතත්, මුන්දැගේ ජාතකේ නම් අවුල් බොලව්...!
එහෙ ඉන්නේ රනිල්ගේ බාප්පලා කියනවා නේද?
ඉස්සෙල්ලම මුඛ ආවරණ ගැන අවබෝධයක් අරන් ඉදින්.