
( ටී.කේ.ජී.කපිල )
15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ශූරයින් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගෙන අද(16) සහ ඊයේ(15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ බ්ලූෆොන්ටේන් නගරයේ ඉකුත් 03 දින සිට 13 දක්වා ලෝකයේ රටවල් 12 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් පුෂ්පකුමාර ඔහු සහභාගී වූ ඉසව්වෙන් ලබා ගත හැකි ලකුණු 40 න් 40 ම ලබා ගනිමින් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව පුෂ්පකුමාර මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබුණි . එසේම කපිතාන් හසංග රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ සංචිතය නියෝජනය කරමින් සහභාගී වූ රයල් ලියනගේ රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබූ අතර සෙනිත් රත්නායක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගෙන 15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා නාවික හමුදා සහ යුධ හමුදා උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලියේ ශූරයෝ කටුනායකට
යෝගා Sunday, 16 June 2024 09:04 AM
කෝ අපේ ක්‍රිකට් ශූරයන්ගේ වගේ ඇඟ පුරාම ටැටූ නෑනේ.
Asela Sunday, 16 June 2024 09:33 AM
උණුසුම් සුබ පැතුම්! ඒත් තවම ක්‍රිකට් ශූරයෝ ටික ගොඩබැස්සේ නැතුව ඇති. මත්තලින් හරි රත්මලානෙන් හරි ගොඩබසීද දන්නේ නෑ නේද
නිමල් Sunday, 16 June 2024 09:28 PM
ගෙදර අය විතරයි පිළිගන්න ඇවිත් තියෙන්නේ. මේවා බාල රත්තරං නොවෙයි. ක්‍රිකට් කට්ටිය අසූචි නාගෙන ආවත් රෙඩ් කාපට්...