
( ටී.කේ.ජී.කපිල )
15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ශූරයින් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගෙන අද(16) සහ ඊයේ(15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ බ්ලූෆොන්ටේන් නගරයේ ඉකුත් 03 දින සිට 13 දක්වා ලෝකයේ රටවල් 12 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් පුෂ්පකුමාර ඔහු සහභාගී වූ ඉසව්වෙන් ලබා ගත හැකි ලකුණු 40 න් 40 ම ලබා ගනිමින් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව පුෂ්පකුමාර මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබුණි . එසේම කපිතාන් හසංග රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ සංචිතය නියෝජනය කරමින් සහභාගී වූ රයල් ලියනගේ රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබූ අතර සෙනිත් රත්නායක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගෙන 15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා නාවික හමුදා සහ යුධ හමුදා උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ ක්‍රිකට් ශූරයන්ගේ වගේ ඇඟ පුරාම ටැටූ නෑනේ.
උණුසුම් සුබ පැතුම්! ඒත් තවම ක්‍රිකට් ශූරයෝ ටික ගොඩබැස්සේ නැතුව ඇති. මත්තලින් හරි රත්මලානෙන් හරි ගොඩබසීද දන්නේ නෑ නේද
ගෙදර අය විතරයි පිළිගන්න ඇවිත් තියෙන්නේ. මේවා බාල රත්තරං නොවෙයි. ක්‍රිකට් කට්ටිය අසූචි නාගෙන ආවත් රෙඩ් කාපට්...