(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික සභාව දේශපාලන මූලෝපායක් නොව දේශපාලන කූඨ උපායක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස බලන විට ජාතික ආණ්ඩු අලුත් සංකල්පයක් නොවේ යැයිද ජාතික සභාව ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිම සඳහනක් නැතැයි ද අලහප්පෙරුම මහතා කීය. එමෙන්ම ජාතික සභාවට කිසිම විධායක බලතලයක් නැතැයි ද එය දේශපාලන කැටයමක් විතරක් යැයිද කණ්ඩායමක් ලෙස  මෙම සංකල්පය ප්‍රතික්ෂේප කරන බවද ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ලක්ෂ 12ක් වන පාසල් දරුවන්ට ආහාර වේලක් දී ගන්නට නොහැකි වී තිබෙන බවද මේ බඩගින්නේ  ඉන්න  දරුවන්ට සුරංගනා කතා කියනවා වගේ වැඩක් යැයිද අලහප්පෙරුම මහතා කීය.

ආණ්ඩුව මීට වඩා අවංක විය යුතු අතර  ප්‍රශ්නයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස  එකතු විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.