IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජාතික රෝහලේ හිඟ විදුලිබිල කෝටි 34 ක්

(රේඛා තරංගනී ෆොන්සේකා) 

ජාතික විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 ක් නොගෙවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙක් පැවසීය.

 මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

 විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.

 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහල රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.

 මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාර වලද ශල්‍ය කටයුතු සිදු කිරීම රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.
 මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂක කුමාර වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ විදුලි බිගේ හිඟයක් තිබෙන මුත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිදුකළ නොහැකි බවයි



අදහස් (0)

ජාතික රෝහලේ හිඟ විදුලිබිල කෝටි 34 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site