(දයාරත්න ඇඹෝගම)
අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පවත්වනු ලබන පොසොන් උත්සවය ජුනී මස 07 වැනි දින සිට ජුනී මස 13 වැනිදින දක්වා පැවැත්විමට පොසොන් උත්සව කමිටුව තීරණය කොට තිබේ.
වාර්ෂිකව පවත්වන ජාතික පොසොන් උත්සවය සදහා වන පළමු කමිටු රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි අටමස්ථානාධිපති, නුවර කළාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ඇතුලු අටමස්ථානාධිපති නාහිමිවරුන්ගේ අනාශාසනයෙන් දිස්ත්‍රික් ලේකම්, පොසොන් උත්සව කමිටුවේ සභාපති කේ.ජී.ආර්.විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03)දින පැවැත්වුණි.
ජුනී මස 07 දින සිට ජුනී මස 13 දින දක්වා කාලය මෙවර පොසොන් සතිය ලෙස නම්කිරිමට මෙහිදි තීරණය විය.
ජුනී මස හයවන දින ඉසුරුමුණි රජමහා විහාරස්ථානයෙන් පැන් පෙරහැර ආරම්භ වී මහමෙව්නා උයනේ පිහිටා ඇති සති පිරිත් මණ්ඩපයේ දී පිරිත් පේ කිරීම සිදු කිරීමෙන් අනතුරුව ජුනි 07 වන දින සිට සති පිරිත් පිංකම ආරම්භ වේ.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන් රුවන්වැලි සෑ මළුවේ දී සිදු කරන සර්ව රාත්‍රික හේවිසි පූජාව මෙවරත් ශිල්පීන් 50 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සාකච්ඡා විය. එසේම භක්ති ගීත, ජලය, විදුලිය, සනිපාරක්ෂක පහසුකම්, අනාරක්ෂිත ගස් ඉවත්කිරිම, වෙළද ප්‍රචාරණ , සැරසිලි, දන්සල් , සුරාසැලි හා මස්කඩ වැසීම , පරිසරය, ආරක්ෂාව, ආදි පිලිබදව මුලික කරුණු පිළිබදවද මෙහිදි සාකච්වට ලක්විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජාතික පොසොන් උත්සවය ජුනි 06 - 13 දක්වා