
(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අද (14) එකඟතාවයට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
ශ්‍රී ලංකා ජාතික ගොවි බල මණ්ඩල නියෝජිතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක දී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බල මණ්ඩලයේ සාමාජීකයින් කෘෂිකර්ම අමාත්‍යවරයාට සංදේශයක් බාර දී ඇත.
එම සංදේශය සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොන්දෙසි 04 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පල වී තිබේ. මේ අනුව ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන බවත්, ඒ පිළිබඳව ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කරන බවත් මෙහිදී සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත්කර තිබූ කොන්දේසි අතර, කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීමටත්, එලෙස ලබාදෙන පොහොරවල වගකීම රජය විසින් භාරගතයුතු බවත්, මෙම පොහොර භාවිතයෙන් වගා කරන වී වගාවේ අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමටත් රජය එකඟ විය යුතු බවත් සඳහන් වෙි. මීට අමතරව දැනට වෙළඳපොලේ ඇති කෘමිනාශක, වල්නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බව ද මෙම කොන්දේසිවලට ඇතුලත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පඹයෙක් පිච්චුවානම් හරියයි ,වැඩ බැරි ටාසන් පත්කරගෙන අපි විඳින දුක
කාබනික පොහොර වලින්ම වගා කරන්න පුලුවන් කමක් නැත.රසායනික පොහොර, පලිබෝදනාශක අවශ්‍යයි. පලැටි වර්ධනයට සහ හොද අස්වැන්නක් ලබා ගැනීමට එන්.පී.කේ පොහොර අවශ්‍යයි. සත්‍ය රටට හෙලිකරන්න නැත්තෙ ඇයි.. රටින් රසායිනික පොහොර ආනයනය කරන්න විදේශ සංචිතය නැත්නම් ගොවි මහතුන් දැනුවත් කරන්න.
යථාර්තය පසෙක තබා නැවත පොරොන්දු දේශපාලනය, මෙහි ප්‍රතිඵල එන කන්නයේ, එතකොට ඔය පොරොන්දු නොකී බව වහගන්න බොරු රාශියක්, හැමදාම සේ නොහැකියාව, නොදැනුවත්කම, හැමදාම අනාථ වන්නේ අසරණ ජනතාවයි.
අන්න කාබනික පොටැසියම් ක්ලෝරයිඩ් ගෙනල්ලා .100% ස්වාභාවිකයිලු
කිසිම අවබෝධයක් නෑ . කෑගැහිල්ලයි ගැහිල්ලයි විතරයි පුළුවන්. දැන් ටොප් ටෙන් වලට මොකද වුනේ? පාඩුවලට ගොවියාට රජයෙන් ගෙවනවා කියමු. ඒවාට සල්ලි කොහෙන්ද? ඒවත් මහජනතාවගෙන් නොවේද? නිෂ්පාදනය අඩු වීමෙන් සහල් පිටරටින් ගෙන්වන්න ගියාම ඒවාට විදේශ විනිමය කොහෙන්ද? එම සහල් කාබනික වගාවෙන් ලැබෙන ඒවාද?