(සුරංග රාජනායක)
ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ජපානයට යාමට සූදානම්ව සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ දහම් ඉඳුවර අත්තනායක ශිෂ්‍යයාට පාසල් සිසුන් 20 දෙනකුට අධික පිරිසක් පහර දීම නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවකුය. මෙම පාසලේ 10 වසර පන්ති හතරක් පැවැත්වෙන අතර ඉන් පන්ති 2කම සිසුන් මෙම සිසුවාට පහර දී ඇති බව පැවසේ.
පාසලේ මෙම 10 වසර පන්ති අතර කාලයක් තිස්සේ ගැටුමක් පවතින බවත් පාසල් පරිපාලනය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති නිසා එය විසඳී නොමැති බවද පාසලේ දෙමාපියෝ පවසති.
රෝහල්ගත කර ඇති සිසුවා 10 වසර පන්තියේ ඉගෙනුම ලබන අතර ඒ හා සී පන්ති වල ළමුන් මෙසේ ඔහුට පහර දී ඇති බව අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජූඩෝ තරගෙට ජපන් යන්න සිටි සිසුවට වටකට ගහලා
රංබොඩ Wednesday, 06 December 2023 06:45 PM
විශ්ව විද්‍යාල පද්ධතියත් , පාසල් පද්ධතියත් තුල වැඩි ප්‍රතිශතයකින් සිසු සිසුවියන්ගේ විනය උපරිමයෙන් පිරිහිලා. ආකල්පමය වෙනසක් සිදුවිය යුතු.නමුත් ඊට පළමුව තද නීත්යකට යටත්ව රටේම විනය සැකසිය යුතුයි . මේවා සිහින පමණයි.
කල්ප Wednesday, 06 December 2023 07:07 PM
ජූඩෝ දන්නව නං නෙලන්න පුතේ අනික් අතට. තරගෙ දිනුව වගේ තමා.
pakeer Wednesday, 06 December 2023 07:46 PM
අනිවාර්යයෙන් පන්ති තහනම් කල යුතුයි මාසයක්වත් .පහරදුන් සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ලක්ෂය බැගින් වන්දි මුදලක් ලබාදීමට උසාවිය තීරණය කල යුතුයි