
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
සහෝදරත්වය දිනය වෙනුවෙන් යාල්දේවි දුම්රියෙන් යාපනය වෙත ගිය සමාජවාදී තරුණ සංගමයේ නියෝජිතයෝ (SYU)කයිට්ස් හි පිහිටි එලුවතිව් දූපතට ගියහ.
මෙහිදී තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා දූපතේ පවතින ගැටලු පිළිබඳව අවධානයක් යොමු කළේය.
මෙම දූපතෙහි වෙසෙන ජනතාවට පවතින පානීය ජල ගැටලුව, ප්‍රදේශයේ පාසල්වල අඩුපාඩු සහ ධීවර ජනතාව මුහුණ දී සිටින ගැටලු හා තරුණ ප්‍රජාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳව මෙහිදී අවධානයක් යොමු කෙරුණි. මෙම දූපතේ පවුල් 210ක් ජීවත් වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි.
ප්‍රදේශවාසීන් සමඟ අදහස් හුවමාරු කරගත් එරංග ගුණසේකර මහතා පැවසුවේ ප්‍රදේශවාසීන්ට පවතින ගැටළු පිළිබඳව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
උතුරට සංවර්ධන ව්‍යාපෘති රැගෙන ඒමට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති බවත්, මේ වන විටත් බොහෝ ව්‍යාපෘති ආරම්භක අදියරයේ පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි පන්සල අයින්කරන්න අයට අයිතියි කියලා කොටි සපෝටර්ල උද්ඝෝෂණය කරනකොට මොන සහෝදරයෙක්වත් යන්නේ නැහැ...
හොඳ වැඩක්. හැබැයි ප්‍රභාකරන්ගේ ස්මාරකයි, එයාගේ අම්මාගේ නමට උත්සව ශාලයි හදන්න පොරොන්දු වෙලා එන්න එපා...