(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදුවන්නේ ජංගම වෙළඳුන් මාර්ගයෙනි.
එය වෙළඳසැලකට ගොස් භාණ්ඩ ලබාගැනීමට වඩා ආරක්ෂිත වුවත් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට නම් එහිදීද සැලකිලිමත්වීම වැදගත් වේ.
එබැවින් ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විටත් පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
* පවුලකින් එක් අයකු පමණක් යාම
* තමන්ගේ ගමන් මල්ලක් හෝ කූඩයකට භාණ්ඩ ලබාගැනීම.
* මුහුණු ආවරණයක් නිවැරදිව පැළඳ සිටීම.
* සැමවිටම එකිනෙකා අතර දුර අවම වශයෙන් මීටරයක්වත් පවත්වා ගැනීම.
* අඩු කාලයකදී භාණ්ඩ මිලදී ගැනීම.
* මුදල් හුවමාරුව අවම වන පරිදි තමන් සතු මුදල්වලින් නියමිත ගෙවීම සිදුකිරීමට මුදල් හා නෝට්ටු ළඟ තබාගැනීම.
* මිලදී ගත් භාණ්ඩ නිසි ලෙස පිරිසිඳු කිරීම.
* භාණ්ඩ රැගෙන නිවස තුළට පැමිණි වහා දෑත් සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් සේදීම.
* භාවිතා කළ මුව ආවරණ පිරිසිඳු කිරීම හෝ පියන සහිත කසල බඳුනකට බැහැර කිරීම.
* භාණ්ඩ මිලදී ගන්න අතරතුර මුඛයා හා නාසය ස්පර්ශ නොකිරීම.
* සිල්ලර භාණ්ඩ අනවශ්‍ය ලෙස ස්පර්ශ නොකිරීම.
* සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ ඇත්නම් භාණ්ඩ මිලදී ගැනීමට නොයා සිටීම.
* කුඩා දරුවන්, ගර්භණී මවුවරුන් සහ වයස අවුරුදු 65 ට වැඩි අය එම කාර්යය වෙනුවෙන් නොයා සිටීම.
ඉහත ආකාරයට නිසි උපදෙස් පිළිපදින්නේ නම් ඔබටත් කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා විය හැක.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විට
pakeer Saturday, 29 May 2021 03:34 PM
බොහෝම වැදගත් උපදෙස් ටිකක්... ස්තුතියි මතක් කරනවට...!!!
sampath Sunday, 30 May 2021 06:42 AM
උපදෙස් නම් හරි ඒත්