
(අංජුල මහික වීරරත්න)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය ලබාදුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන අවධානය යොමුව ඇතැයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සජබ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේ.
එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමකි. එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය අපි තරයේ හෙලා දකිමු.
මෙම ප්‍රකාශය තුළ ඉස්මතු වන්නේ පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත් වින්දිතයා අපරාධකරුවෙකු බවට පත්කිරීමේත් උත්සාහයක් බව අපි අවධාරණය කරමු.
වර්තමානයේ ආණ්ඩුව සිදු කරනු ලබනුයේද සියලු සිදුවීම් අනීතික ක්‍රියාවල නිරත වීම හෝ සම්බන්ධකම් නිසා සිදුවූවා යැයි කියනු ලබන ප්‍රකාශයකට ලඝු කිරීමයි.
ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා කරනු ලබන ප්‍රකාශ ස්වාධීන පොලීසියක පැවැත්ම පවා ප්‍රශ්ණ කරනු ලබන්නකි.
ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරාදෙමින් පොලිස්පතිවරයාට සිතන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියන් තුළ රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක පැවැත්මක අඳුරු සෙවනැල්ල අපි දකිමු.
මෙම අනතුර සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ක්‍රියා කරන අයවලුනගේ අවධානය යොමු විය යුතු බව අපි පෙන්වා දෙමු.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන පොලිස් මෙහෙයුම් තුළින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන පටු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් ලෙස ජගත්විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳ තීරණය ලඝු කිරීමට එරෙහිව අපි ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ආණ්ඩුව එක්ක ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රශ්න දෙකයි. බඩු මිළ සහ සංවර්ධන ව්‍යාප්‍රති මදකම. අනිත් ඒවා ඔබතුමාලගේ දේශපාලන ප්‍රශ්න.
මර්දනය සියැසින් දුටු කෙනෙක් හරිහැටි දැන් සිදු වන්නේ නීතිය සැමට එකසමානයි කියන එක . 89, 90 කාලවල නඩුත් හමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විදියට තමයි සිදු උනේ . මගේ පන්තියේ යාලුවෙක් අදත් ආගිය අතක් නැහැ. 65,000 කට වෙච්ච දෙයක් නෑ. දැන් නීතිය උගන්වන්න හදන්නෙ ඒදා නීතිය දූෂණය කරපු අය.
මේක ස්වාධීන පොලිසිය ඔබ තුමාට අපේ හිස නමා ආචාර්ය ඇත්ත පෙන්නලා දුන්නට
ඉස්සර ආණ්ඩු කරපු උන් ඉනන පක්ෂ ඔක්කෝම තහනම් කරන්න ඔනා.. හොරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඔනා.... මුන් දේශපාලන පක්ෂ කියලා හිතාගෙන ඉන්නෙ මිනිමරල මංකොල්ල කාලා පක්ෂ වලට බැදුනාම උන් සුදනෝ වෙනවාද? අපිට නීතිය විශ්වාස කරන්න ඔනා.. තෝපෙ පක්ෂ නෙමේ....
පොලිස්පති වරයාගේ ප්‍රකාශය සාවධ්‍ය නම් මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරන්න කාලය ගත කරන්නේ නැතුව නඩුවක් දාන්න පුළුවන් නේ.
කතාව ඇත්ත හින්ද සද්ද නැතිව ඉන්න ලමයො
තිත්ත ඇත්ත. තමුන් පාතාලේ සමඟ හාදකම් පැවැත් වූයේ නැත්නම් ඔය තරම් බය ඇයි, මොකටද ආරක්ෂාවක් ඉල්ලුවේ? දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ? ජනතාව අන්දවපු එකනේ කෙරුවේ?
ආයේ දෙකක් නැහැ. ස.ජ.බ. නම්. පාතාලය, පාතාලය නම් ස.ජ. බ ම තමයි.