(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇත.
පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද (23) පෙරවරු 11.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ ලබාගනිමින් පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය පරිපාලන ක්‍රියා පිළිවෙත් නොදන්නා තක්කඩි, ජනාධිපති වගේ කෙනෙක්ටම වටිනවා.
රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් යොදවා සිදුකරගත් පළමු අසාර්ථක වීම මෙය නොවේ. මේවා අප නොයෙක්වර රට වෙනුවෙන් පෙන්වා දුන්නා. එහෙත්, මේ රටේ ජනපති හිතන්නේ, හමුදාවේ සේවය කළ කෙනෙකුට ඕනෑම ක්ෂේත්‍රයක ඉහළම ප්‍රවීණතාවක් තිබෙන බවයි. එය එසේ නොවන බව හා ඉන්සිදුවන තත්ත්වයට මෙය හොඳ නිදසුනකි.