
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණ එදා අධ්‍යාපනයේ ධවල පත්‍රිකාවට විරුද්ධ නොවුනා නම් අද ලංකාව තිබෙන්නේ දකුණු කොරියාවටත් එහා තැනක බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ නෛතික රාමුවේ තිබෙන්නේ වසර අටෙන් අටට විෂයමාලා ප්‍රතිසංස්කරණ කිරීමයි.අවසන් වරට 2023 වසරේ කරන්නට තිබූ විෂය මාලා ප්‍රතිසංස්කරණය රටේ තිබූ තත්ත්වය සමග සිදු වුණේ නැහැ.අලුත් තාක්ෂණය සමඟ දැනුම මත පදනම් වූ අධ්‍යාපනයක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේද මතයයි.අප කිසිවකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ.ඒ නිසා ආණ්ඩුවේ සිට විපක්ෂයට චෝදනා කිරීම කිසිම වැදගත්කමක් නැති දෙයක්.80 අවුරුද්දේ ධවල පත්‍රිකාව ගේනකොට විරුද්ධ වුනේ කවුද?දකුණු කොරියාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළේ ඊටත් පස්සේ.අපට එදා ඒ ප්‍රතිසංස්කරණ කරන්නට දුන්නා නම් දකුණු කොරියාවටත් වඩා ඉදිරියෙන් අප ඉන්නවා.ඒ ප්‍රතිසංස්කරණ කරන්නට ඉඩ නොදුන් අය අද බලයට ඇවිත් ඉන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන ප්‍රශ්න තිබුණා තමයි. එත් මේ වගේ නූගත් අලුගුත්තේරු මිනිස්සු නිසා තමයි රට දියුණු උනේ නැත්තේ. අනිත් එක මේ මිනිස්සු තමයි වැරදි දේවල්වටත් අත් ඉස්සුවේ, පුද්ගලික වාසි බලාගෙන. හැම ව්‍යවස්ථා සංශෝධනයකටම අත් උස්සපු මෝඩයෝ මේ.
ලංකාව දකුණු කොරියාවට වඩා කෙසේ වුනත් ඔයාල නම් ඉලෝන් මස්ක් ට වඩා ඉහල යන්න තිබ්බ නේහ්? අපරාදෙ ඔයාලටත් තව සූරල ගෝඨා ඉතුරුකරපු රොඩ්ඩෙන් බින්දුවක් හරි මිරිකල ගන්න කලින් අපි රට මාලිමාවට දුන්නනෙ. නිකන් යන්න මහත්තයො.
3% තිබ්බ පක්ශයක් කොහොමද එහෙම ප්‍රතිපත්ති සම්මත කරගන්න දුන්නෙ නැත්තේ කියලා ඔක්කොටම කලින් කියලා ඉන්න