
(අංජුල මහික වීරරත්න)
දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
දකුණු අප්‍රිකා ජනරජයේ හිටපු ජනාධිපතිවරයා ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙම හමුවේදී සුබ පැතුම් එක් කළ හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ නව පාලනය වංචාවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක‍්‍රියා මාර්ග සම්බන්ධයෙන් දකුණු අප්රිකානු ජනරජයේ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව පැවසීය.
මෙම අවස්ථාවට දකුණු අප්‍රිකා ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක Maxwell Bÿwaí , ජාතික ජන බලෙවේගය වෙනුවෙන් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහත්වරු සහභාගී වූහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd