
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය.
පසුගිය වසරේ පමණක් යුරෝ බිලියන 3.2 ක අපනයන ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට සිදු කර තිබෙන බවත් මෙරට විශාලතම වෙළඳ හවුල්කරුවන් ලෙස යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජී.එස්.පී ප්ලස් සහනයේ ඇති වැදගත්කම හොඳින් වටහාගෙන ඇති බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.
යෝජිත නව ජී.එස්.පී ප්ලස් සහනයේ විධිවිධාන සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් යුරෝපා සංගමයේ නීති සම්පාදකයන් අතර සිදුවෙමින් පැවතීම හේතුවෙන් වසර හතරක කාලයක් සඳහා පවතින ජී.එස්.පී ප්ලස් සහනය දීර්ඝ කිරීමට යෝජනා කළ බව යුරෝපා සංගමය පවසා ඇත.
ඒ අනුව පවතින ජී.එස්.පී ප්ලස් සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවත් පවතින ජී.එස්.පී ප්ලස් සහනයේ විධි විධානයන් කිසිවක් වෙනස් නොවන බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේටයි, රුසියාවටයි ආවඩන, යුරෝපය හා ඇමරිකාව ඇලජික් ජාතියකට ඔවුන් මොකට උදව් කරනවද මන්දා? සමහරවිට සත්තුන්ට පවා කරුණාව දක්වන ඔවුන් මෙහෙ බල්ලන් බුරන සද්දේ ගණන් ගන්නේ නැතිව ඇති... සත්තුන්ට මොලයක්, බුද්ධියත් නොමැති බවත් ඇමරිකානුවන් හා යුරෝපීය ජාතිකයින් හොඳින් දන්නවා ඇතිනේ...
කෝ අර උඩපැනපු අය? තවත් සටන් පාටයන් නැතිවුනා නේද?