(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ලංකාදීපයට පැවැසීය.
දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර කොමිසමේ වෙනත් නිලධාරීහු පිරිසක් පැවසූහ.
මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් මාසයේදී ලැබුණු බව එම කොමිෂන් සභාව පවසයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර් පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා දැනුම් දුන් අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණය සඳහා මුදල් ලබාදීමට හැකියාවක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකෙට බංකොලොත් නයකයන්ගෙන් අමුතු අදර්ශයකක් " මුදල් නෑ අපිම දිගටම ඉන්නම් කියල"
මෙතන නීති ප්‍රශ්නයක් තියෙනවා.... අයවැයෙන් ඡන්දෙට මුදල් වෙන්කළා. එතකොට ඒ මුදල් ස්ථාවරව තිබිය යුතුයි. දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම් කියනවා මැතිවරණයට මුදල් නැහැ ' කියලා. ඒ කියන්නේ.... "අයවැය " කියන්න බොරුවට එහෙන් මෙහෙන් අතගාලා හදපු ලේඛනයක්ද....? මුදල් අමාත්‍යංශයේ ලේකම් අනිවාර්යයෙන්ම අයවැය සැදීමට සහභාගිවෙනවා. දත්ත ලබා දෙන්නෙත් මොහුයි.
ඔබතුමාට සල්ලි නැත්තං වැඩිය වද වෙන්න එපා . ඡන්ද දායකයෝ රුපියල් 10/- ගානේ එකතු කරල දෙන්න කියල අපි, ඡන්දෙ ඕන කියන දේශපාලන පක්ෂ දෙකට කියන්නං.
පොඩ්ඩක් ඉන්නක්... අපි මේ බදු ගෙවන ගමන්.
අනේ මේ කාලකන්නි ආණ්ඩුවේ බොරු.දැන් චන්දයක් ආවොත් හොරුන්ට හෙළුවෙන් තමයි දුවන්න වෙන්නේ .ඒකයි මොනවාහරි කියලා චන්දය කල්දාගන්න හදන්නේ