(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට(22) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීම අද (21) දහවල්  12.00න් අවසන්වීමට නියමිතය.

නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක්  ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.