
(සුජිත් හේවාජුලිගේ)
පාතාලයකුගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහ පක්ෂයට සම්බන්ධ කර ගැනීම ගැන නායකයන් එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමෙන් පක්ෂය තුළ බරපතළ මතබේදාත්මක සහ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තාවේ.
චරිත් අබේසිංහට විනය පරීක්ෂණ පවත්වනවා සේ එංගලන්තයේ අධිකරණයකින් දඬුවම් ලැබූ පුද්ගලයකු බව දැන දැනම ඔහු පක්ෂයට සම්බන්ධ කර ගැනීමට මුල්වූ බව කියන පුද්ගලයන් සම්බන්ධයෙන්ද වහා විනය පරීක්ෂණ පැවැත්විය යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සහ ප්‍රබල ක්‍රියාකාරිහු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරති.
චරිත් අබේසිංහ සමගි ජන බලවේගයට සම්බන්ධ කිරීමට මුල්වී ක්‍රියා කර ඇත්තේ පක්ෂය සමග කටයුතු කරන ව්‍යාපාරිකයකු බව එහි නායකයෝ චෝදනා කරති.
මොහු පක්ෂයට සම්බන්ධ කරගෙන පැය විසි හතරක් යෑමටත් මත්තෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කිරීමටද එම ව්‍යාපාරිකයා මුල් වී තිබූ බව පවසන එම නායකයෝ මෙම පත්කිරීම් පිටුපස කිසියම් ගනුදෙනුවක් සිදු වූවාද යන්න ගැනද සොයා බැලිය යුතු බව සඳහන් කරති.
පක්ෂය වෙනුවෙන් වසර දහය විස්ස කැප වූ ආසන සංවිධායකවරුන් ඇතුළු ප්‍රබල ක්‍රියාකාරීන් සිටියදී පක්ෂයට අලුතින්ම සම්බන්ධ වූ කිහිපදෙනෙකුට මෙම ව්‍යාපාරිකයාගේ මැදිහත්වීමෙන් පක්ෂයේ මුල් පුටු ලබාදී තිබෙන බවත් කිසිදු සොයා බැලීමකින් තොරව කෙරුණු මෙම ඇතැම් පත්කිරීම් හේතුවෙන් පක්ෂය අපකීර්තියට පත්වූ බවත් පක්ෂ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
අඩු තරමින් මේ පුද්ගලයන් සමග ජන බලවේගය වෙනුවෙන් එකම මැතිවරණයකට හෝ වැඩ කළ අය නොවේ යැයිද ඔවුහු චෝදනා කරති
එසේම චරිත් අබේසිංහ පක්ෂයට සම්බන්ධ කරගත් අවස්ථාවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් පවා කිසිදු විමසීමක් කර නොතිබූ බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd