(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුඹුරු පැහැති සාටකයකින් නිතර සැරසී සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සාටකය රහිතව පාර්ලිමේන්තු සභා ගර්භයට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය.
ඔහුගෙන් දිස්වූ මෙම වෙනස සම්බන්ධයෙන් බොහෝ දෙනකු කතා කරනුද දැකගත හැකිවිය.
චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපස සිවුවැනි ආසනයේ අසුන් ගෙන සිටියේය.
මේ අතර සාටකය පැළඳ නොසිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ ආලින්දයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු ඊට නිශ්චිත පිළිතුරක් ලබාදී තිබුණේ නැත.
අගමැති මහින්ද රාජපක්ෂ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද සාටක පැළඳ සිටිනු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකය කව්රු හරි ගැලව්වා වත්ද
චමල් සාටකය බාල්කයේ ගෙට ගහලා තමයි ඇවිත් තියෙන්නෙ...
මේවාද ප්‍රවුර්ති? ලංකාවේ මාධ්‍ය වලට වැදගත් දේවල් මෙතරම් ප්‍රශ්න තියෙද්දී !
මේ ඇදුම ඇදගෙන රට මරණයට පත්කල නිසා දේශයට හිතැති සියලු දෙනාම තමන්ගෙ අවසන් ඇදුම ලෙසට මෙම සාටක ඇදුම තෝරාගත්තොත් සුදුසු නැද්ද
මෙයාටත් සාටකය ගැන පිළිකුලක් ඇතිවෙලා. මටත් ඕක දකින දකින සැරේ වමනේ යන්න එනවා.
මෙතුමා ආවේ සාටකය නැතුව.., අනිත් අය එන්නේ වස්තරත් නැතුව...
මෙච්චරකල් රටට කරපු විනාශයට හරි නම් එන්න ඕනේ... රෙදිත් නැතිව තමයි.