
(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනවා දැයි මේ සතියේදී තීරණය කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයා නිවාඩු ගොස් සිටින හෙයින් ඔහු පැමිණි පසු එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලනු ඇති බවයි.
චාමර සම්පත් දසනායක මහතා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්දිරන් මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
සාමාන්‍යයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාටද ලබා දී ඇතැයි පැවසේ.
ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත.
මේ අතර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදරින් කෑම ගෙන ඒමට බන්ධනාගාර ප්‍රධානීහු පසුගියදා අවසර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අනේ, අර සමහර මරණීය දණ්ඩනය නියම වෙච්චි අයට වගේ, ප්‍රයිවෙට් ටොයිලට් එකක්, මෝබයිල් ෆෝන් කීපයක්, ටෙලිවිෂන් එකක් යනාදිය ලැබෙන්නෙ නැද්ද?
මෙතුමාට ගෙදර කෑම දෙන්ඩ හොඳ නැති එක වෙනම කතාවක්.නමුත් බන්ධනාගාර අධිකාරීවරයා නිවාඩු ගියා කියලා තීරණය ලැබෙන්ට පරක්කු වෙන්නේ කොහොමද.රජයේ නිලධාරියෙක් නිමාඩු යන්නේ වැඩ බලන්න වෙනම නිලධාරිය පත් කරලා.එම තීරණය වැඩ බලන නිලධාරියා ගත යුතුයි
ඇඟ පත දැක්කම මට මෙසේ හිතුණි. හිර ගෙදර කෑම ශරීර සෞඛ්‍යට හිතකරයි. ඕක වෙස් වලා ගත් ආශිර්වාදයක් වෙන්න බැරිද ?