IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චාමරගේ නඩුවකට ඇප

(රෝෂන් තුෂාර)

ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇපමත මුදා හැරීමටට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලි මහත්මිය  අද (08) නියෝග කළාය.

රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප පහක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළාය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවද විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසටද නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු බන්ධනාගාර අධිකාරිය මඟින් පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි කරවන ලෙසටද දන්වා සිටියාය.

සැකකරුට ඇප ලබා දුන්නද පොදු දේපළ පනත යටතේ රහස් පොලීසිය සිදු කරන විමර්ශනයක් අනුව  බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් 

අද දින සහ ඉදිරි දින දෙකෙහි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී කරවීමට නියෝග කරන්නැයි ජනාධීපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස  මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

අදාල නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  විමර්ශන විමර්ශන ප්‍රගතිය ජුනි 17 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.

 



අදහස් (3)

චාමරගේ නඩුවකට ඇප

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 11:45 AM

ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරවා කියලා කතාවක් අපේ ගැමි වහරේ තියෙනවා. ඒක තමයි මෙයාලට උනේ. තමන්ගේ නායකයන්ව ආදර්ශයට අරගෙන කෙරුව අපරාධ වලට අද වන්දි ගෙවන්න සිද්ධ වෙලා...... තව එන්න එපා දේශපාලන පලිගැනීම් ගැන කියවන්න.

:       1       13

Perera Tuesday, 08 April 2025 02:58 PM

ඇප ලැබුණත් මිනිහා ඇතුලේ...

:       0       0

Kamal Koyrala Tuesday, 08 April 2025 05:25 PM

නියම වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 756 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site