IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීනයෙන් ගත් ගුවන් යානා රත්මලානට

(ගයාන් සූරියආරච්චි)

අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ (5) රත්මලාන ගුවන් හමුදා කඳවුරට රැගෙන එනු ලැබීය.

මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුද අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලැබේ.

එමෙන්ම මෙම ගුවන්යානාවලට දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශ රටවලට ද පියාසර කිරීමේ හැකියාව ඇත.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ වයි - 12 වර්ගයේ මෙම මගි ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය චිනයේ සිට රත්මලාන ගුවන් හමුදා කදවුරට රැගෙන එනු ලැබීය.

චීනයේ සිට පැමිණි එම ගුවන් යානා පිළිගැනිමේ අවස්ථාව සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්ග්හොන්ග් මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.



අදහස් (5)

චීනයෙන් ගත් ගුවන් යානා රත්මලානට

Perera Thursday, 07 December 2023 04:34 AM

ලංකාවේ තමයි මෙහෙම නාඩගම් තියෙන්නේ.ප්ලේන් දෙකක් ගෙනාවමත් නටනවා නාඩගමක් .දියුණු මෙහෙම විකාර කරන්නේ නැහැ

:       0       1

chandima Thursday, 07 December 2023 05:05 AM

හදිසි අවශ්‍යතා මත විදේශ රටවලට පියාසර කිරීමේ හැකියාව තියෙන නිසා වෙන්න ඇති රත්මලානට ගෙන්නුවේ .මිනිස්සු ගහන්න එලවද්දී පැනගන්න පුළුවන් වෙන්න ?

:       0       1

de silva Thursday, 07 December 2023 07:56 AM

ඉදිරියේදී නායකයන්ට අර ගොට කල වගේ හදිස්සියේ රටෙන් පැනල යන්න , මෙම ගුවන්යානා අවශ්‍ය වෙනවා , දැන් ලංකාවේ දේශපාලකයන්ට මලදිවෛනට පැනල යන්නත බැහැ එහෙ ජනතාව මොවුන් එනවට විරෝධේ පලකරනවා ,

:       1       2

rk Thursday, 07 December 2023 09:10 AM

ඇයි සාගල photo එකේ?

:       0       3

Anil Ranaweera. Saturday, 09 December 2023 11:05 AM

මේවට කමෙන්ට්ස් දාන අයගේ අදහස් දැක්කාම හිතෙන්නේ මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක් කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site