IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට

(ආරියරත්න රණබාහු)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට  පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මූලස්ථානයට අද (06) සවස පැමිණියාය.

ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණියහ.

එම පිරිස අතර  අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීය දුමින්ද දිසානායක මහතා ද වූහ.

එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.

එහිදී ඇයවැඩි දුරටත් කියා සිටියේ පක්ෂයේ හැමදාමත් සිටි බවත්  ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇය පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත් ය.

පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බව කී ඇය රට හදන්න අපි සියලු  දෙනා එකතු වී වැඩ කරමු යයිද කියා සිටියාය.



අදහස් (7)

චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට

සිල්වා Monday, 06 May 2024 08:23 PM

දැන් ඉතිං වැඩියෙන්ම බොරු කියන එක්කෙනා ජය ගනීද...?

:       3       38

Kapila Monday, 06 May 2024 09:20 PM

නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරන් හිටියනං නේද හොඳ. පක්ෂ කඩලා මිනිස්සු බේද කරලා කොහේ යන්නද හිතන් ඉන්නේ.

:       1       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 07 May 2024 02:31 AM

පොළොන්නරුවේ "මිස්ටර් හිටන්" මැදමූලන මයිනා පරදවා යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා ගේ පවුලෙන් දේශපාලනය කිරීමට සිටින එකම නායිකාව පක්ෂයෙන් පන්නා දැමීමේ තීරණයට පයින් ගසමින් චන්ද්‍රිකා මැතිණිය පක්ෂයේ රැස්වීමට සහභාගි වීම හැම දෙනාගේම සතුටට හේතුවූ අතර, ඇය පක්ෂයෙන් නෙරපීමට කුමන්ත්‍රණය කළ ඩබලට වැදුණු මරු කනේ පහරකි.

:       0       1

Prabha Tuesday, 07 May 2024 02:32 AM

මම හිතුවේ තව දුරටත් ජනතාවට බරක් නොවී නිල නිවස දාලා තමන්ගේ ගෙදරට ගිහින් කියලා.

:       1       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 03:57 AM

ඔයගොල්ලන් රට හදන්න කරදර වෙන්න එපා ඒවට ඕන තරම් අවස්ථාව දුන්නා, කරපු හැටි දැක්ක චෞර රැජින කියල නමකුත් දාගත්ත නේද, රට හදන්න අපි සේරම මාලිමාවට

:       8       6

Shamaal Udayanga Tuesday, 07 May 2024 09:20 AM

ඇත්තටම ලංකාවට මේ වයසක රොත්ත අයින් කරලා ,ගමනක්ම නැද්ද .මේ මිනිස්සුන්ටත් එපා වෙන් නැද්ද දන්නේ නෑ මේ නහින දෙහින කාලේ බොරු කිය කිය නටන්න

:       4       22

Perera Tuesday, 07 May 2024 11:01 AM

හිටපු දිහාවක වැළලිලා ඉන්නකෝ හොල්මන් කරන්නේ නැතුව

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site