IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චීන සහයෙන් අලුත් කඩේ උසාවිය අලුත් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය අද(31) පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීරණයේදී පැවැත්විණ.

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ගරු අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය,  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය සඳහා චීන රජය සමඟ 2015 වසරේ අත්සන් තැබූ බවය.පශ්චාත් කොරෝනා සමය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රමාද වූ බවත් මෙම අවස්ථාවේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙම රුපියල් බිලියන 11 කට ආසන්න වටිනාකමින් යුත් ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්ත බවත් පළමු අදියර යටතේ අභියාචනාධිකරණ සංකීර්ණයත් දෙවැනි අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයත් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.එසේම මෙම ව්‍යපෘතිය 2025 වසරේ ඔක්තෝබර් මස අවසන් වීමට නියමිත බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා ප්‍රකාශ කර සිටියේ 1989 වර්ෂයේ චීන ප්‍රදානයක් මත ඉදිකර විවෘත කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය දෙවරක් ප්‍රතිසංස්කරණය කර තිබෙන බවත් වසර 30 කට පසුව නැවතත් චීනය සහ ශ්‍රී ලංකාව උපරිමාධිකරණ සංකීර්ණයට නව ජීවයක් ලබා දීම සඳහා එකතු වී සිටින බවත්ය.උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතුළත සහ පිටත මුල් සැලසුමට හානියක් නොවන අයුරින් ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් ව්‍යාපෘතිය අවසානයේ අභියාචනාධිකරණ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට නැවුම් රාජකාරී වටපිටාවක් භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇති බවත් තානාපති චී චෙන්හොන්ග් මහතා පෙන්වා දුන්නේය.උපරිමාධි සංකීර්ණය චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන හවුල්කාරිත්වයේ සහ දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට ගත් පරම්පරා ගණනක උත්සාහයකට සාක්ෂි දරන බව චෙන්හොන්ග් මහතා සඳහන් කළේය.එසේම ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ සෑම මොහොතකම චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (1)

චීන සහයෙන් අලුත් කඩේ උසාවිය අලුත් වෙයි

Perera Tuesday, 01 August 2023 05:31 AM

අධිකරණ ගොඩනැගිලි පෙනුමට තිබුණට නීතිය ගරාවැටිලා නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site