(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව ඉදිරි වසර වලදී චීනයේ නාවික හමුදා කඳවුරක් ඉදිකිරිම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව බැංකොක් පොස්ට් පුවත්පත වාර්තා කර ඇත.
චීනය දැනමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.19 ක මුදලක් හම්බන්තොට වාරයේ ආයෝජනය කර තිබීම හේතුවන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඒ සඳහා සුදුසුම ස්ථානය විය හැකි බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
චීන මහජන විමුක්ති හමුදාවට දැනට ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන ජුබොටි හි එක් නාවික කඳවුරක් පමණක් බවත් එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා උණුසුම් වීම හේතුවෙන් ඇමෙරිකාවේ සමුද්‍රීය ශක්තියට සමාන වීමට චීනයද තීරණය කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.චීනය වරායක් සඳහා මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය හම්බන්තොට වරයාට සිදුකර ඇති බවත් චීනය වාරය පාලනය කිරීම චීනයට කළ හැකි බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය, ශ්‍රී ලංකාව තුළ චීනයේ ජනප්‍රියත්වය සහ චීනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජන පිළිබඳ සලකා බලන විට චීනයට නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මෙහෙ ඉන්න කොන්ද පණ නැති පාලකයෝ සල්ලිවලට ඕන දෙයක් කරයි...
ඇමෙරිකාව දකින හීනවල ප්‍රතිඵලවලින් මුළු ලෝකයම දුක් විඳිනවා. තවතවත් ඇමෙරිකානු හීනවලට නොරැවටෙන්න.
ලංකාවට වඩාත් උචිත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රකාශ කළා වගේ ලංකාවේ සාගර කලාපය, නොබැඳි පිළිවෙත මූලික කරගත් සාම කලාපයක් හැටියට පවත්වාගෙන යාමයි.
එහෙම නොවෙයි කියන්න බෑ. විකුණගෙන කන මානසිකත්වය තුළින් මතුවන අතුරු ආබාධ...