IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


චීන චාරිකාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලොකු පාඩමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ චීන අධ්‍යයන චාරිකාවෙන් ප්‍රතිඵල රැසක් ළඟා කර ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

අධ්‍යයන චාරිකාවේ නිරත වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී පිරිස   එරට නායකයන් පිරිසක් සමග ද්වි පාර්ශවික සාකච්ඡාවලද  නිරත වූහ.

චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ   චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය  ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කළ  විශේෂ වැඩමුළුව  ජුනි 20 සිට ජූලි 6 දක්වා    සාර්ථකව  පැවැත්විණි.

ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා -චී න පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීහු  සහ විධායක කමිටු සාමාජිකයෝ   මෙම නියෝජිත පිරිසට අැතුළත් වූහ.

මේ අනුව මෙම වැඩමුළුවට ආණ්ඩුව නියෝජනය කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන සමන්මලී ගුණසිංහ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දිනින්දු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබූබකර් අතම්බාවා, අශෝක ගුණසේන සහ තනුර දිසානායක යන මහත්ම මහත්මීහූද   විපක්ෂය නියෝජනය කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, බී.ආරියවංශ සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුද  

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ   කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ  චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර සහ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනී තිළිණි තුෂාරිකා ගමගේ යන මහත්ම මහත්මීහුද   සහභාගී වූහ

නියෝජිත පිරිස ලියොනිං පළාතේ අගනුවර වන ෂෙන්යැං නගරයේ සංචාරයක නිරතව  ෂෙන්යැං උප නගරාධිපති  ලියු කෙබින් මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක්ද  පැවැත්වූහ.

මෙම අධ්‍යයන වැඩසටහනට ක්ෂේත්‍ර චාරිකා සහ සංස්කෘතික නැරඹුම් ක්‍රියාකාරකම් කිහිපයක්ද ඇතුළත් විය. නියෝජිත පිරිස නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ අගනුවර වන නැන්ජින් වෙතද  සංචාරයක නිරත වූහ. සංචාරය අතරතුර දූත පිරිස ජියැංසු පළාතේ උප ආණ්ඩුකාර  චෙන් ෂොංවෙයි මහතා සමඟද  ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවූ අතර දෙරට අතර සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම  මෙම සාකච්ඡාවේ අරමුණ විය. 

බීජිං හි ජූලි 5 වැනිදා  පැවති සමාප්ති උත්සවයකින් අධ්‍යයන වැඩමුළුව අවසන්විය. මෙම අවස්ථාවට චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමෙහි ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද   චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාද  සහභාගී වූහ.



අදහස් (0)

චීන චාරිකාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලොකු පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site