(ඉන්දිකා රාමනායක)
රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී ශබ්ද සිහිත නළා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන බස් රථ ඇතුළු වාහන වල රියදුරන්ට ජූලි මස 1 වැනිදා සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
වාහනවල සවිකර ඇති මෙම නළා සහ ආලෝක රටා ඉවත් කර කිරීම සඳහා සියලූ වාහන වලට සහ මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාද සහභාගී විය.
මහජනයාට ඝෝශාකාරී නළා සහිත බස් රථ, මෝටර් රථ, වෑන් රථ ති‍්‍රරෝද රථය, යතුරු පැදි ඇතුළු වාහන පදවන රියදුරන්ට විරුද්ධව නඩු පැවරීමෙන් පසු රුපියල් 3000 සිට 5000 නොඅඩු දඩයක් නියම කර ඇති බවත් හෙතෙම කීය.
කර්කෂ ඝෝෂාකාරී ද්විත්ව ස්වර නළා නාද කරමින් වාහන ධාවන කිරීම නිසා මාර්ගය පරිහරණය කරන සහ වාහනයේ ගමන් ගන්නා මහජනයා අපහසුතාවට පත්කරමින්, භිය උපදවන, කරදරයක් වන අයුරින්, රථ ධාවන කරන රියදුරන්ට රුපියල් 10,000 සිට 20,000 ට නොඅඩු දඩයකට යටත් කළ හැකි බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඉහත වරද යටතේ ගැනෙන නළා ශබ්ද කරමින් රථ ධාවන කිරීම නිසා යම් පුද්ගලයකුට තුවාල සිදුවන අවස්ථාවක එම රියදුරුට රුපියල් 10,000 සිට 20,000 ක නොවැඩි දඩයක් සහ මාස 2 ට නොවැඩි කාලයක සිරදඩුවම් සහ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට අධිකරණයට බලයක් ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඉහත වැරදි යටතේ යම් කිසි පුද්ගලයකුට බරපතල තුවාල සිදු වුවහොත් රියදුරුට අමතරව රථයේ ලියා පදිංචි හිමිකරුට ද රුපියල් 25,000 සිට 35,000 නොවැඩි දඩයකට හා මාස 6 ක නොවැඩි සිරදඩුවමක් හා රියදුරු බලපත්‍ර අත්හිටුවීමටද අධිකරණයට හැකියාවක් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
ඉහත වරද යටතේ නලා ශබ්ද කරමින් ගමන් කර පුද්ගලයකුට මරණය සිදුකරන අවස්ථාවක වාහන පදවන රියදුරාට හා ලියාපදිංචි අයිතිකරුට රුපියල් 50,000 සිට 75,000 ට නොවැඩි දඩයක් හා වසරකට නොවැඩි සිරදඩුවමක්, රියදුරු බලපත්‍රය අත්හිටුවීමට අධිකරණයට බලය ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.
මෝටර් වාහන පනතේ අනුව යම් නලාවක තිබිය යුත්තේ තනි ස්වරයක් පමණක් බවද කීය.
තනි ස්වරය නලාවක් වුවත් එය ඉදිරිපස සිට මීටර් දෙකක් ඇතුළත ශබ්දය පරික්ෂා කිරීමේ දී එය ඩෙසිබල් 93ට නොඅඩු විය යුතු බවත් වාහනයේ ඉදිරිපස සිට මීටර් 07 ක් ඇතුළත ශබ්දය ප්‍රමාණය ඩෙසිබල් 105 නොඅඩු බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
ආරක්ෂක අමාත්‍යාශය මේ සඳහා ශබ්දය මැනීමේ උපකරණ 200 ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ප්‍රධානය කර ඇති බවද පැවසේ.
තවද මෝටර් වාහන වල ආලෝක සංඥා නිමි නිමී දැල්වෙන රටාවලින් යුත් ආලෝක සංඥා පාවිච්චි කළ හැක්කේ මෝටර් රථයේ ඉදිරිපස හා පිටුපස ඇති සිග්නල් ලයිට් දෙක සඳහා පමණක් බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම කරුණු වලට පටහැනිව කටයුතු කරන රියදුරන්ට රුපියල් 2500 සිට රුපියල් 25000 දක්වා දඩ නියම කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න ඕන නළා හොයන එක නෙමෙනේ. කරන්න ඕන අපේ රටේ නීතියට අනුව නළා විතරක් ගෙන්වන්න නීතී හදලා රේගුවෙදිම ඒවා නවත්වන්න කටයුතු කරන එකයි. ඔක්කොම කුණු ලංකාවට ගෙන්වන්න දීලා බොරුවට අල්ලනව නීත්‍යානුකූල නෑ කිය කිය...
තවත් මුදල් වියදම් කරලා මැෂින් ගෙන්නන්න ඕන නෑ නලා ගෙන්වීම සහ විකිණීම තහනම් කරන්න ඕන. තවද වාහන වල පිටුපස අනවශ්‍ය ලෙස විවිධ ආලෝක සවිකර ඇති බැවින් ඒවා පිටුපස රිය පැදවීම ඉතා අපහසු බව බලධාරීන්ට දන්වමි.
බස් වල දාගෙන යන කරච්චලේටත් නීති ගෙනාවොත් හොඳයි නේද?
හරිම හොඳ දෙයක්. නිදාගන්න හරි පුළුවන්. මේවා කරන්න තිබ්බේ බොහෝ කාලයකට ඉස්සර.
හරිම හොඳ දෙයක්. කන්දෙෙක් ඇඟිලි නිදාගන්න හරි පුළුවන්. මේවා කරන්න තිබ්බේ බොහෝ කාලයක ඉස්සර.
මීට අමතරව ඇස් අන්ධකාර කරන ඉදිරියෙන් එන වාහන වල රියදුරන් අපහසුතාවයට පත් කරන හෙඩ් ලයිට් පාවිච්චියටත් දඩ ගසන්න.
ඉතාමත් ප්‍රීතිදායක පුවතක්.මේ තීන්දු තීරණ ගත් සැමට ස්තුති වේවා ! ඒත්,මෙපමණ කලක් නිදිවර්ජිතව සිටීම ගැන අපගේ කනගාටුව. සමහර අසංවර හා දඩබ්බර රියදුරන් මෙල්ල කිරීමට පොලීසියට හැකි වේවා ! ඒත්, පගාවටම යටවූ සමහර රථවාහන පොලිස් නිලධාරීන් ගැනද මෙහිදී දැඩි අවධානයක් යෙදවීම වැදගත්. මීට අමතරව වාහනවල සයිලන්සර් එකට යකඩ කුරකින් විද ශබ්ද දුෂණ කරන්නන්ද, එසේ කරනු ලබන ගරාජ් කරුවන්ටද ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මෙහිදී තුන්රෝධ රථ පදවන්නන් ඉතා අධික ශබ්ද නිකුත්කරන බෆල් සවිකරගෙන දහවල් පමණක් නොව රාත්‍රී නවයට පමණත් ධාවනය කිරීම නිසා මාර්ග දෙපස සිටින අයට බලවත් කරදර පවතිනවා. නමුත් මෙහි ඒගැන කිසිම සඳහනක් නැහැ ඒ අතර බොහෝ රියදුරන් රාත්‍රී කාලයේ ධාවනය කරනවිට අවශ්‍ය අවස්ථාවලවත් ප්‍රධාන ලාම්පුවල ආලෝකය අඩුනොකර ධාවනය කිරීමද කරනවා.. ඒ වගේම රියදුරු බලපත්‍රවත් නොමැති සමහර දරුවන් බරවාහන වලට අවශ්‍ය නලා සවිකරගෙන සිටිනවා.මේ ගැනත් අවධානය යොමුකරන්න
තමුන්ල නිකං මාල ගිරවු විතරයි. ඔය කියන සියලුම වැරදි කරන මගෝඩිස්ලට ඉදිරිපසින සහ පසුපසින් මහජනයාට පීඩාකාරී ලෙස හැසිරෙන්නෙ සාමාන්‍ය රියදුරන්ද නැත්නම් තමුන්ලගෙ රියදුරන්ද කියලා බලලම හිටින්න නි/පොලිසපතිතුමෝ.
අනේ මහත්තයෝ බයිලා වලින් නම් වැඩක් නෑ. හරියට ක්‍රියාත්මක කරන්න. මේ තත්ත්වය අති දරුණු වෙලා තියෙන්නේ නගරබදව. ඔවුන් නලා ශබ්ද කරන්නේ ඒවා උඩ නැගලා. මේකවත් හරියට කරලා රටට පෙන්වන්න බලන්න.
මෙම නීති ක්‍රියාත්මක කරන්න මෙතරම් ප්‍රමාද වීමයි මට තියෙන ප්රශ්නය. අපේ රටේ ගොඩක් දේවල් එහෙමයි. තිබෙන නීති වුවත් ක්‍රියාත්මක වෙනකොට සෑහෙන හානියක් වෙලා ඉවරයි.
ඒ වගේම වී අයි පී ල පෙරටු කරන් යන පොලිසියේ අයටත් හරියට නීතියට අනුව යන්න කියන්න. ඒ ගොල්ලන්ට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් තියෙන්න බැහැ නේද?
ඕවා වැඩිකාල් තියෙන්නේ නැහැ. පොත ඇතුලේ 100 කොළ දෙකක් හෝ තුනක් දැම්මා නම් වැඩේ ශේප්.
ආණ්ඩුව ට "මනි මොනියාව " හින්ද, සමහරවිට මේකෙන් ගණනක් හොයාගන්න පුළුවන් හින්ද? සමහරවිට මේක කෙරෙයි මොනව උනත්, සමහර බස් කාරයොන්ගේ හෝන් ඇහුණාම වාහනේ අයිනට ගන්න නෙමෙයි කන පුපුරන්න දෙන්න හිතෙනවා
මීට වඩා පාසැල් ළමුන් ඉදිරිපිට ඝෝෂාකාරී අසික්කිත වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන කතාවලින් අනාගත පරපුර දරුණු අපරාධකාරයන් වීමට ඉඩකඩ ඇත ......
පෞද්ගලික බස් වල පිටතට පෙනෙන අඩුපාඩු ටික තම ඔය. ඇතුළේ තියෙන ප්‍රශ්න දන්නේ ඇතුලේ යන මගීන් පමණි. විශේෂයෙන් දුර ගමන් බස් තේ බොන්න නවත්වන්නේ ජරා කඩවල. කන් ආදී පැලෙන සද්දෙට හා ජරා සින්දු දානවා. රියැදුර ෆෝන් එක කනේ ගහගෙන ආදී වේගයෙන් දාවනය කරනවා. සමහර තැන්වල කොට කොට යනවා. අර්ධ සුඛෝපබෝගී කියල වැඩියෙන් අයකරනවා. නමුත් පාරේ යනකොට බලන්න , එක පෞද්ගලික බස් එකක් හරි පොලිසියෙන් නවත්වනවද . නැත. පොලිසියෙන් නවත්වන්නේ ඩිමෝ බට්ට වාහන විතරයි .එහෙමෙ වෙන්නේ ඇයි?
හරියට ක්‍රියාත්මක කරයිද,? දේශපාලකයින් හැමෝම තොරන් වගේ එලි දාගෙන යන්නෙ. ගිලන්රථ සදහා අදාල නොවේ ද
මං තීරු නීතියත් දැන් අවුරුද්දක් හමාරක් තිස්සේ පොලිසිය දැඩිව ක්‍රියාත්මක කරනවානේ.................
මේ නීතිය ගේන්න කලින් මාර්ග ටික හදල, පොදු ප්‍රවාහන සේවා හදල, අනෙක් නීති හරියටම ක්‍රියාත්මක කරල ඉන්න ඕනේ. නැත්තන් ඇඟට ගොඩවෙන, වෙට්ටුදාන වාහන කාරයොන්ට හෝන් නොගහ මොකද්ද කරන්නේ? පොල්ලක් තියාගෙන ඒකෙන් ගහන්න තමයි වෙන්නේ.
යම පල්ලෝ විසින් පාලනය කරන, යක්ෂ, නාග, ප්‍රේත ආත්ම ජීවත් වෙන අපායක ඉඳගෙන, එකෙකු, වනසා, අනෙකා, නැගිටීමට වෙර දරන, මේ නොමැරෙන, මාර සෙනග, දිව්‍ය ලෝකයේ සිස්ටම් එකක් බලාපොරොත්තු වෙනවා? මතු භවයෙත්, මෙතනම, මේ ලෙසම උපදින්න පතාගෙන? අනේ මන්ද?
ඔය කවුරු මොනවා කිව්වත්, වාහනේට නැගලා සුක්කානම අතට ගත්තම ඔක්කොම අමතකයි. පාරේ ගමන් කරනකොටත් එහෙමයි. නීති රීති ඔක්කොම අමතකයි.
මේ රටේ වැඩිදෙනෙක් නීතියට බය නෑ. මුදල් නැති වෙනවට බයයි. එබැවින් වහාම වැරදි කරන්නන්ට දඩ ගැසිය යුතුයි...