(ඉන්දිකා රාමනායක)
නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඔහුගේ රියදුරු ෙග් පසුම්භියේ තිබු ඒ.ටී.එම්. කාඩ්පත පැරගෙන ඉන් භාණ්ඩ මිලදී ගත් සැකකරු ෙවා් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සැකකරුවන් දෙදෙනා දින මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති දෙදෙනෙකු බවත් පැහැර ගත් එම කාඩ් පතෙන් ජංගම දුරකථන දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ 2 1/ 2 භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම ඒ.ටී.එම් කාඩ් පත රියදුරු ගේ බිරිඳට අයත් එකක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සිද්ධිය වූ දිනයේ රථය පැදවූ මෙම රියදුරු ඉවතට රැගෙන ගොස් මාර්ගයේ ඇති විදුලි පහන් කණුවක ගැටගසා පහරදී ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
රියදුරු පහර දෙන අවස්ථාවේ සැකකරු විසින් මෙම කාඩ් පත සොරාගෙන ඇති බවත්, කාඩ් පතෙන් මිලදී ගත් භාණ්ඩ ඔවුන් යළිත් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කර ඇති බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27, 28 වයස්වල පසුවන නිට්ටඹුව සහ වරකපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද බව ද හෙතෙම කීය.
මෙම සැකකරුවන් දෙදෙනා සමගම නිට්ටඹුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 14 දෙනකු අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයින් දෙන්නෙක්... පක්ෂ අරමුදලටත් කීයක් හරි දෙන්න ඇති...!
ඕක අපි එදාම කිව්වා... අපිත් ගෝල්ෆේස් ගියා දවස් 10ට වඩා අරගලය වෙනුවෙන්. හැබැයි මේ රට ගිනිතියලා කළේ සම්පූර්ණ මංකොල්ල කෑමක්... ජේවීපිය පුදුමාකාර තරහයි මිනිස්සුන්ගේ දේපළ ජීවිත එක්ක. මේ ගොල්ලන් බලේට ආවොත් උතුරු කොරියාවේ වගේ වේවි අනිවාර්යයෙන්... ඔය කයිවාරු කාරයින්ට ෆේස් බුක් තහනම් වෙයි. යසයි. අපි ඕවායේ නැහැනේ..
පුහුල් හොරා කරෙන් දැනෙයි. දැන් පොලිසිය මේ සැක කරුවන්ගෙන් අහන්නේ ඔබතුමන්ලාට මේ ඒටීඑම් කාඩපත ලැබුණේ කෙසේද කියලා...!
කුඩ්ඩන්, අන්තවාදී දේශපාලන මත දරන්නන්, පාතාලයන් එකට රජවුණු අපායගාමී දින කිහිපයක්... සියලු වැරැදි කරුවන්ට දෙන දඬුවම්ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය යුතුයි. මෙවැනි වැරැදි රටතුළ නැවත සිදු නොවේවා !!
රියදුරු මහත්තයාගෙ නෝනගේ ස්වයංක්‍රීය මුදල් කාඩ් එකෙන් ලක්ෂ දෙකහමාරක බඩු අරන්... අනේ දෙයියනේ...! අපි කාඩ් එකක් ගත්තා නම් රුපියල් 100ක් එක්ක ආපහු කාඩ් එකෙන් ගෙනත් දෙයි.
මේ බමුණුආරච්චි ගැන අපි හොඳ ට දන්නවා. මෙයා දැන් අවුරුදු 5-10ක ඉඳන් රාජපක්ෂලාට කුලියට කඩේයනවා. මම හිතන්නේ බමුණුආරච්චි නමින් ලියන්නේ රාජපක්ෂ මාධ්‍ය ඒකකයෙන් පඩි ගන්න කෙනෙක්... එයාට ජවිපෙ ඇලජික් එකක් තියෙනවා. අද මේ රටේ ආචාර්ය මහාචාර්යවරු, දොස්තරලා, ගුරුවරු හැම කෙනෙක්ම කියනවා රට විනාශ කලේ රාජපක්ෂ ආණ්ඩුව කියලා. සමහර රාජපක්ෂවරුත් ඒක පිළිගන්නවා.