
(විමුක්ති සංජය පෙරේරා)
රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළකට දමා සැගවා තිබු මෘත දේහය අද (31) දහවල් මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර මහතා ඉදිරියේ ගොඩ ගනුලැබිය.
මෙසේ ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබුණේ ඩබ්ලිව්.ඒම් සෝමාවති (50) හැවිරිදි දෙදරු මවකි.
සිරුර ගෙඩ ගැනිමට පැය 5 ක පමණ කාලයක් ගතවු අතර මේ සදහා රිදීමාලියද්ද ප්‍රාදේශිය සභා සේවකමහතුන්, රිදීමාලියද්ද පොලිසිය , බදුල්ල සෝකෝ අංශයේ නිළධාරින් ඇතුළු මහියගණ විශෙෂඥ අධිකරණ වෛද්‍ය තරංග නායකරත්න යන මහත්වරු ද සභාගි වුහ.
මෘත දේහය කොළ පැහැති පැදුරක ඔතා හිස කොටස රෙදි කැබැල්ලකින් ඔතා ඊට උඩින් වයර් ඒකකින් ගැට ගසා තිබු අතර දෙහෙයේ අස්ති කොටස් පමණක් ඉතිරිව තිබු අතර දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහලේ මාත ශාරිරාගාරයට යැවිමට සදහා මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර මහතා විසින් නියෝග කෙරිණ .
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒම් සෝමාවති (50) හැවිරිදි දෙදරු මවක් 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අළුතින් කැපු වැසිකිලි වලකට දමා සැගවු බවට සැක පිට 72 හැවිරිදි පියා සහ 26 හැවිරිදි පුතා ඉකුත් (29) අත්අඩංගුවට ගත් අතර ඔවුන් සිදුකර පාපොච්චාරණයට අනුව ඊයේ 31 දහවල් මෙම සැකරරුවන් ඒම ස්ථානයට කැදවාගෙනවිත් ඔවුන් පෙන්වු ස්ථානය හරා බැලිමේදි මෙම මෘත දේහය සොයාගැනිමට හැකිවිය .
බදුල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ සහ රිදීමාලියද්ද සහකාර පොලිස් අධිකාරි සරත් බණ්ඩාර පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.සි වීරකෝන් මහතාගේ මෙහෙය විමෙන් පොලිසි විශේෂ කාර්යංශයේද සහය ඇතිව පො.සැ 47153 ජයවීර,පො.සැ 40895 රත්නායක ,කා.පො.සැ 1751 ජනිතා ,පො.කො 36381 ප්‍රභාත් ,පො.කො 44792 කුමාර,පො.කො 68183 සදරුවන් ,පො.කො 96108 දිසානායක,ක.පො.කො 11668 සෙව්වන්දි යන නිළධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති .

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනය කර වැසිකිළි වළක දමා තිබු මවගේ සිරුර ගොඩගනී