(අමදෝරු අමරජීව )

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරුනුවර කොට්ඨාසයේ පිහිටි දෙහිවත්ත මහා විද්‍යාලයේ කලක පටන් පවතින ගුරු පුරප්පාඩුවලට විසඳුමක් නොදීමට එහෙිව තම දරුවන් පාසලට නොයැවූ මව්පියෝ පැවැසූහ.

ගුරු අඩුපාඩු විසැඳීමට බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් මව්පියෝ පිරිසක් පාසලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට රැස්වී සිය විරෝධය ද ප්‍රකාශ කළහ.

දෙහිවත්ත මහා විද්‍යාලයේ හය වසරේ සිට එකොළහ වසර දක්වා පන්තිවලට ප්‍රධාන විෂයන් කිහිපයකට ගුරුවරු නොමැති බවත් කලක සිට පවතින මෙම ගැටළුව බලධාරීන්ට යොමු කළත් එයට විසඳුමක් නැතැයි දෙමාපියෝ චෝදනා කළහ.

හය වසරේ සිට එකොලහ වසර දක්වා විද්‍යාව හා ගණිතය ඉගැන්වීම් කළ ගුරුවරයා විදුහල්පතිගේ අනුදැනුමකින් තොරව පළාත් බලධාරීන් විසින් ඔහුගේ ගම්පියසට ස්ථාන මාරු කර ඇති බවත් චෝදනා කරන දෙමව්පියෝ දැනට ඉතිරිව සිටින ගුරුවරු විෂයන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉගැන්වීම් කරන බවද කීහ.