ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු නොවූ බවත් එම සොරකම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂූන් වහන්සේ නමක ගම්පහ, යක්කල පොලිස් ස්ථානය වෙත අද ( 4) පැමිණ ප්‍රකාශයක් කළේ යැයි යක්කල පොලිසිය සඳහන් කරයි.
මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පැමිණියේ සිය මව ද කැටිවය.
භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම් වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් හෝ සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂූන් වහන්සේ පවසන්නේ යැයි පොලිසිය කියයි.
ගිහියකුව සිටියදී තමන් කළ මෙම සොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වද දෙන බවත් එම සොරකම්වලට දඬුවම් විඳ හිතට සහනයක් සැනසිල්ලක් ලබා ගත යුතු නිසා පොලිසියට බාර වීමට තීරණය කර මේ බව මවට ද පවසා ඇය ද සමග පොලිසියට පැමිණි බව මෙම භික්ෂූන් වහන්සේ වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුතැවිල්ල තමා දඬුවම
ගෞරවය !!!. උන්වහන්සේට මේ ආයුකාලයේදීම නිවන් දකිත්වා!
බෞද්ධයෙකු ලෙස මේ පුවත දැකීමෙන් අතිශය සතුටට පත් වන අතර උන්වහන්සේට නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් වෙනස්වීමකට පත් වීමට බලපෑ චින්තන පසුබිම, අත්දැකීම්, භාවනා ක්‍රම ආදිය වැරදි කළවුන් පුනරුත්ථාපනය, මානසික සැනසීම, ආතතියෙන් මිදීම වැනි දේ වලට උපයෝගී කර ගැනීමට මනෝ විද්‍යාව හෝ උපදේශනය පිළිබද පර්යේෂණ පවත්වන විද්‍යාර්ථීන්, පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට ඉතා වටිනා දැනුමක් උකහා ගත හැකි case study එකක් බව පෙනී යනවා.
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
බොරු සෝබන ...
සියළු පරන දේ අමතක කර මහන දමි හරියට පුරන්න.
මේ රට තුල සොරකම් කරන සහ සොරා කෑ සියළුදෙනා මෙහෙම හිතනවා නම්, මේ රට කොතරම් සුන්දර වේවිද?. මේ ක්‍රියාව රටට ම ආදර්ශයක්
ඇත්තටම සිල්වත් භික්ෂුවක්. එකට සමහරක් භික්ෂුන් කරන තරමක් වැරදි කරන්නෙ, චීවරය දරාගෙන මහණදම් පුරමින් මුළු සාසනයම කනවා ....ඔය TV වල දේශපාලුවන්ට ආවඩමින් වොයිස් කට් දීගෙන ඉන්නෙ එහෙම කට්ටිය තමයි...
අනේ මොනතරම් හිතට එකඟව කටයුතු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ද මේ.සාදු සාදු සාදු.නිර්මල බුදු දහම අපවිත්‍ර කරන ඇතැම් අය සිටිනා යුගයක ඔබවහන්සේ වැනි උතුම් සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් දැකීම විරලය.ඇත්තෙන්ම මේ පුවත දුටු මාගේ සිත කම්පාවට හා මවිතයට පත්වුණා.මා මෙන්ම සැබෑ සත්‍ය දහම අගයන අනෙකුත් අයගේද අදහස එයම යයි සිතමි. ඔබවහන්සේට සැබෑ දහමෙහි මිහිරි සත්‍ය සුවය තව තවත් අවබෝධ වේවා.
අතීතං නානු සෝචෙන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්ථන්නේන යාපෙන්ති තේන වණ්ණේ පසීදති “අතීතය ගැන සිතා ශෝක නොකරන්න. අනාගතය ගැන මෙනෙහි කරමින් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ශෝක නොකරන්න. වර්තමානයෙහි සතුටින් ජීවත් වන්න. ඔබ නීරෝගී වේවි, ඔබ ප්‍රසන්න අයෙක් බවට පත්වේවි.”
අතීතං නානු සෝචෙන්ති නප්ප ජප්පන්ති නාගතං... පච්චුප්ථන්නේන යාපෙන්ති... තේන වණ්ණේ පසීදති “අතීතය ගැන සිතා ශෝක නොකරන්න. අනාගතය ගැන මෙනෙහි කරමින් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ශෝක නොකරන්න. වර්තමානයෙහි සතුටින් ජීවත්වන්න. ඔබ නීරෝගී වේවි, ඔබ ප්‍රසන්න අයෙක් බවට පත්වේවි.”
හදවතට එකඟව භාගයවතුන් වහන්සේ කියාදුන් මග යන්න පය තැබූ උත්තමයෙක්. ඒ ගැන අවබෝධයෙන් මෙහි කරුණු දැක්වූ සියලුදෙනා ගැනම සතුටු සිතෙයි.
අතීතයත්, අනාගතයත් අතහැර වර්තමානයේ ජීවත් වන්න. බුදු බණ නිසි පරිදි වටහා ගෙන පිළිපදින්න...
දැන් සිටින තත්වය කුමක් වුවත්, තමන් කළ වැරදි තමන් විසින්ම පිලිගන්නවා නම්, නීතියෙන් දඬුවම් ලබා දිය යුතුයි... නමුත් යම් කිසිවෙක් සමාජය නොමඟ යවා, "සමාජ පොරක්" වීමට උත්සහ කරනවා නම්, අනිවාර්යයෙන් සිරගත කළ යුතුයි... අනික, තක්කඩියන්ගේ සංදර්ශන මේ ලංකාවේ අඩුවකුත් නැහැනේ...විගඩම් වලට වශීවෙලා කුල්මත් වෙන මෝඩයෝනේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ... අපි නම් අහුවෙයි ඕවට..?
අනේ බද්‍රාණී, ඊරියක් අර මොනවදෝ දෙයක් කෑමට ප්‍රිය වුණාට කිරිබත් වලට ආසා නැතිලු.