
(චාන්දනී දිසානායක)
මහා පරිමාණයෙන් ගස්ලබු වගා කොට දේශීය වෙළඳපළට පලතුරු සපයන මහව පළමුගෙදර, ගොවි මහතකු තම ගස්ලබු වගාවේ සියළුම පලදාව කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලට ලබා දීමට කටයුතු කළේය.
මහවයද්දීගම වැඩිහිටි නිවාසය, අඹන්පොළ රෝහල, ගල්ගමුව රෝහල, තඹුත්තේගම රොහල, යන රෝහල වලට රජත බණ්ඩාර ගොවි මහතා එම ගස්ලබු ලබා දුන්නේය.
කුරුණෑගල නගරයේ කොවිඩ් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් වසරකට වැඩි කාලයක් තිස්සේ කැපවී වැඩ කරන ඇත්කද රජමහා විහාරාධිකාරී වීරපොකුණේ සුමංගල ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි මෙම ගස්ලබු තොගය රෝහල්වලට බෙදා දීම සිදු කෙරුණි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු
විශිෂ්ඨ මනුස්සයෙක්.... එතුමාට යහපතක්ම වේවා...!
බොහොම පින්... අනික් අයටත් ඔබව ආදර්ශයක් වේවා...!
මිහිපිට දෙවිවරු...
මේ මනුස්සයට සම්මානයක් දෙන්න වටිනවා
තුනුරුවන් සරණයි නිදුක් නිරෙෝගි බව ලැබේවා