( රංජිත් රාජපක්ෂ )
නොර්වුඩ් ඉන්ජස්ට්‍රි තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටිමෙන් අද(28) බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැඩි සුලං තත්ත්වයක් පවතින අතර , දැඩි සුලං තත්ත්වයත් සමගඅද (28) උදැසන 10.30 ට පමණ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මතට ගස කඩා වැටි ඇති බවත්, ඉන් වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල බව වතු පාලන අධිකාරිය කියා සිටියේය.
පවතින දැඩි සුලං තත්ත්වයත් සමග හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ගස් සහ අතු කඩා වැටිම හේතුවෙන් වරින් වර විදුලි බලය විසන්ධි වු බව හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd