(අංජුල මහික වීරරත්න)
ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම අරමුදල ආරම්භ කරනු ලැබීය.
පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය අප්‍රේල් 30 න් අවසන් වීමට නියමිතව තිබුණු ද දිවයින පුරා ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය මැයි 31 දක්වා දීර්ඝ කර තිබේ.
ළමා අරමුදලට දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම් මැයි 31 දිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත පරිත්‍යාග තැන්පත් කර රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉන්න ළමයින්ට කලින් ලංකාවේ ඉන්න දුප්පත් ළමයිට කන්න දිලා ඉදපියව්
රටේ ඉන්න ළමයින්ට බිත්තරයක්, මාළු කෑල්ලක් කන්න බැරි තැනට වැඩ කරලා ලෝකේ ඉන්න ළමයින්ට අනුකම්පාව. මේ පාර ඡන්දෙන් පැරදුණාට පස්සෙ යූඑන් එකේ තනතුරු ගන්න වෙන්නැති.
පිට දීප... දේශ... ජයගත්තා...., මෙකල සිංහලුන්....!!!
ඔය මුස්ලිම් ඡන්ද ටික ගන්නද?
අහවල් ජාතිය රටේ ලොකු ඇමැති තනතුරුවල. උන්ගේ බහට ලෝකෙට පේන්න වෙස්සන්තර වෙන්න යනවා. අසරණ වෙලා ඉන්න සිංහල බෞද්ධ දරුවො දෙමළ හින්දු දරුවො කතෝලික දරුවො ඕන තරම්. ඒත් ඒ පැටියන්ගේ ඇඬුම මදි මේ නපුංසක ආණ්ඩුවට කිරි එරෙන්න.
අරමුදල් සැපයීම නවත්වන්න. ඔයාලා හැමෝම දන්නේ නෑ ඒ කවුද කියලා. කරුණාකර ඔබේ මාතෘ භූමියේ සිටින ඔබේ ජනතාව සහ දරුවන් රැකබලා ගන්න.