
(යොහාන් භාසුර)
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වීම නිසා ගෑස් බෙදාහැරීම නැවත ආරම්භ කිරීමට දින දෙකක් පමණ ගතවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
මෙම තත්වය හමුවේ ගෑස් නිෂ්පාදනය ප්‍රමාද වන බැවින් ඉදිරි දින දෙකේ ගෑස් ලබාගැනීමට පෝලිම්වලට නොයන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගෑස් මෙට්‍රික්ටොන් 2800 ක් සහිත නෞකාව මේ වන විට නැංගුරම්ලා තිබෙන උස්වැටකෙයියාව තල්දියවත්ත ප්‍රදේශයේ සිට ගොඩබෑම කළ නොහැකි නිසා එය කොළඹ වරායට ගෙන එන බවත් ඉන් පසුව බවුසර්වලින් මුතුරාජවෙල පර්යන්ථයට රැගෙන එන බවත් හේරත් මහතා කීය.
බවුසර්වලින් දිනකට මෙට්‍රික්ටොන් 500 ක් පමණ ගෙන ආ හැකි නිසා ප්‍රමාදයක් වන බවත් ඒ හේතුවෙන් දිනකට සිලින්ඩර 80,000 ක් සැපයීම ප්‍රමාද වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලෙත් ගැස් තිබ්බ රටේ අද කාලගුණය ගෑස්වලට ගෑස් පෙන්නලා... පුදුම හිතෙන අරුම පුදුම තැනක් මේක...
මාස ගණනක් ගෑස් නැතිව දුක් විඳින අපිට දින දෙකත් මහ කජ්ජක්ද? හැබැයි ඉතින් ඊට පස්සේ පෝලිම් නැතිව ඉන්න වැඩ සැලසුවොත් තමයි වඩාත්ම සුදුසු...