IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගෑස් සඟවා අලෙවි කරන්නට ගොස් වැඩ වරදී

(රංජිත් රාජපක්ෂ  )                     

වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.

ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක ලිට්‍රෝ ගැස් සිලින්ඩර් තොගයක් සගවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේද සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කර ඇත.

මෙම වැටලිමේදි කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් 177 ක් , කිලෝ 5 ගැස් සිලින්ඩර් 28 ,කිලෝ 2.4 ගැස් සිලින්ඩර් 25 ක් සෙයාගත් බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලිට්‍රෝ ගැස් සමාගමේ නාවලපිටිය අලෙවි නියෝජිතයාට නිකුත් කරන ලද ගැස් තොගය පාරිභෝගිකයන්ට අලෙවි නොකර එම ගැස් තොග නියෝජිතයාගේ නිවසේ සගවා වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව නුවරඑලිය  පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පැවසිය.

අත්අඩංගුවට ගැස් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගෑස් සඟවා අලෙවි කරන්නට ගොස් වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site