(යොහාන් භාසුර)
ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සදුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම සතුව මේ වන විට දින 6 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවත් අද දිනයේ සිට සිලින්ඩර 80,000 ක් වෙළඳපොලට සපයන බවත් හේරත් මහතා කීය.
එම සිලින්ඩර 80000 න් 50000 ක් කෝප් කමිටුවේ නිර්දේශ මත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට සපයන බව කී සභාපතිවරයා සඳහන් කළේ ඉතිරි සිලින්ඩර 30000 සෙසු ප්‍රදේශවලට බෙදාහරින බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන්ම කොළඹ නගරයේ තට්ටු ගෙවල් තුළ ජීවත්වන පුද්ගලයන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන බව කිවයුතු නොවේ. රැකියාවන් නොමැත, මුදල් නොමැත, ගෑස් නොමැත, ඉන්ධන නොමැත, අර්බුද ගණනාවකින් මුහුණ දෙමින් ඔවුන්ගේ ආහාර පවා පිළියෙළ කරගැනීමේදී ඔවුන්ට තට්ටු නිවෙස්වලින් පිටතට පැමිණීමට සිදුව ඇතැයි කියවේ. එම නිසා කමියුනිටි කිචන් කිහිපයක් ඇතිකර ඔවුන්ගේ ආහාර ලබාදීමට පාර්ලිමේන්තුවේ ඔවුන්ව නියෝජනය කරමින් පත්වූ දේශපාලකයින් ක්‍රියා කළයුතුවේ. දේශපාලකයින් හට මේ අවස්ථාවේදී ජනතාව ඉදිරියට යාමට නොහැකි නිසා "මානුෂීය ක්‍රියාවක් සේ සලකා මෙය යුද හමුදාව යොදා කළ හැකිනම් වටිනේය"...!
අපට සාමාන්‍යෙයන් ඩොලර් බිලියන 8 ක් පමණ අවුරුද්දකට පිටරට යවන ද්‍රව්‍ය සහ වෙනත් මාර්ගවලින් ලැබෙනවා.. දැන් 50% ලැබුණත් මාසයකට ඩොලර් මිලියන 350ක් විතර ලැබිය යුතු වේ. මේ මුදලට වෙන්නේ කුමක්ද? වහාම මේ ගැන සොයාබලා මුදල් අවශ්‍යම දේවල් වලට පමණක් යොදවන්න. එතකොට ඩොලර් මිලියන 10ක්, 15ක් සඳහා හිඟාකන්න වියයුතු නොවේ..
අලුත්, ඒත් කාලය කා දමන ආණ්ඩුවක්...