IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෑස් ගන්න විඳින දුකක්

(තුසිත ද සිල්වා)

අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලිමට එක්ව සිටි පිරිස් පෙරදින රාත්‍රියේ ගෑස් ටැංකි පෙළට තබා ඒ අසල අද උදෑසන වන තෙක් නිදා සිටි අයුරු දැකගත හැකි විය .

දිවයිනේ විවිධ දුරබැහැර ප්‍රදේශවලින් ගෑස් මිල දී ගැනීමට දර්ගා නගරයට පැමිණ සිටින පිරිස් අතුරින් පුද්ගලයන් කිහිපදෙනකු බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් දර්ගා නගරය ක්‍රීඩාංගනයේ නිදා සිටි අයුරු අප කැමරාවේ සටහන් විය .

ක්‍රීඩාංගනය පුරා ගෑස් ටැංකි හාරසියයකට වැඩි ප්‍රමාණයක් පෙළට තබා තබා තිබිණි.

එම ස්ථානයට දහවල් පැමිණෙන ගෑස් ලොරියයෙන් නිකුත් කරන්නේ ගෑස් ටැංකි තුන් සියයක් වුවත් නිකුත් කරන ප්‍රමාණයට වඩා තවත් ගෑස් ටැංකි සියයකට වැඩි ප්‍රමාණයක් පෝලිමට තබා ඇති අයුරු දැකගත හැකි විය.



අදහස් (4)

ගෑස් ගන්න විඳින දුකක්

Ran Thursday, 24 March 2022 02:00 PM

මේ පෝලිම් වල කුසගින්නේ දහදුක් විඳින්නේ, සිහිසුන්ව ඇද වැටෙන්නේ, මැරිලා වැටෙන්නේ කර කියා ගන්නට දෙයක් නැති අහිංසක දුප්පත් ජනතාව විතරයි. මේ එක තැනකවත් මැති ඇමැති කෙනෙක් තියා පලා බබෙක්වත්, සැප වාහන එලවන යමක් කමක් ඇති කිසි කෙනෙක් වත් ඉන්නවා අපි දැක නැහැ. මේ සේරම අස්සේ ඔටුන්න හිමි කුමාරයෙක් ඩුබායි පැත්තේ සුර සැප ගන්නා ආකාරය පෙන්වන වීඩියෝවක් දැන් අන්තර් ජාලයේ සංසරණය වෙනවා දැක්කා. එහෙයියෝ දෙතුන් දෙනෙක් එකතු කරගෙන සමුළු තියලා නම් මේ වලෙන් ගොඩ එන්න බැරිවෙයි ගොයියෝ...

:       1       22

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 March 2022 03:42 PM

"ගෑස් ටැංකි වපුරා ඇති ක්‍රීඩා පිට්ටනියේ ... දිවා රැයේ මේ විලසින් කල් ඇරියේ ... ගත දවනා උණුසුමෙන් හෙම්බත් වූ සැටියේ ... මේ වගේ කලක් එනකං ඇයිදෝ සිටියේ ... "

:       1       18

ජුණ්ඩප්පුවා Saturday, 26 March 2022 04:54 PM

බිස්නස් ගේම් කාරයින් තමයි මේ වැඩේ කරන්නේ කියලා දාලා තිබුණා. දර්ගා ටවුන් එකේම තමයි.

:       3       0

pakeer Sunday, 27 March 2022 02:01 PM

තාමත් පොහොට්ටුව තමයි හොඳම කියන අය, ඔය පෝලිමේ ඕනෑතරම් හොයාගන්න පුළුවන්. මේවට කණගාටු වෙලා වැඩක් නෑ. පව් ගෙවන්නම ඕනේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site