(යූ.විජේසිංහ)

කුමන රක්ෂිතයේ හිඳකඩ වලාන ප්‍රදේශයේ පිහිටි ගන කැලෑවක වගාකර තිබූ අක්කර හතක කංසා වගාවක් ගලවා ගුවන් මගින් ශ්‍රාස්තවෙල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට රැගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුව බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

කුමන රක්ෂිතයේ කිලෝමීටර් 30 ආසන්න දුරක් මග ගෙවා ගොස් මෙම වැටලීම සිදු කර ඇත.  අක්කර හතරක භූමි ප්‍රදේශයක අඩි 5 - 6 අතර උසකට වැවී තිබ කංසා ගස් 20,000ක් පමණ පොලිස් විශේෂ කාර්ය බළකා බාරයට ගෙන ඇත. ගුවන් හමුදාවේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදි පැල ශ්‍රාස්තවෙල කඳවුරට රැගෙන ඒම සඳහා ගුවන් හමුදා හෙළිකොප්ටරයක් යොදා ගෙන ඇත.

එම කංසා තොගය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේදී  ආයුර්වේද ඖෂධ සංස්ථාවට බාරදීමට කටයුතු කළේය.