(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අද දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ.
මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයන් සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය .
ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සදහන් කර තිබේ .
එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සදහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සදහා මෙසේ මොවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා තිබේ .
එසේම මෙම වෘත්තීය සමිති නායකයන් සතු ගුවන් තොටුපොළ ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සදහා භාවිතා කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දීමට ද දැනුම් දී තිබේ .
එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. බොහෝමයක් රාජ්‍ය ආයතන පාලනය කරන්නේ වෘත්තීය සමිති විසිනි. මෙවැනි කෙලින් තීරණ නිසා ආයතන පවත්වාගෙන යාම පහසු වේ.
නියමයි, ඒකාබද්ධ නායකයින් කියන්නේ සමාජයට වසංගත තමයි...
ඉතා හොඳ පියවරක්. වෘත්තීය සමිති කාරයින් යනු අංක එකේ කඩාකප්පල් කාරීන්ය. කප්පම්කාරයින්ය. හොඳම උදාහරණය ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශක හෙද මහතායි. මොවුන් නැත්නම් අප රට සෑහෙන ඉදිරියෙනි.
පිනාගේ වහලුන් ප්‍රීතියෙන් උදම් අනා ජයඝෝෂා නැගුවට, ඕවායේ බහුතරයක් සේවකයන් පොහොට්ටු හා අලි හවුල මගින් ඡන්ද දිනා ගැනීම සදහා රස්සාවලට දැමු මිනිසුන් බව රටම දන්නවා. අද ඒ මිනිස්සු යථාර්තය තේරුම් අරගෙන තිබෙනවා. රටේ මහජන දේපොල කුණු කොල්ලයට විකුණමින් රට විජාතිකයගේ ගොදුරු බිමක් බවට පත් කරමින්, අනාගත පරපුර තමන් උපන් බිමේ අනාතයන් බවට පත්කරමින් කොමිස් කුට්ටි ගිලින්න මජර පාලකයන් පිඹුරු පත් සකස් කරමින් සිටින බව. මෙතෙක් කලක් තමන් රැකුනු ආයාතන අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්නට ඔවුගේ ජාතික යුතුකම ඉටු කරන්න ඔවුන් පක්ෂ පාට බේද නොතකා එකට එකුතුවී පෙරමුණ ගනිමින් සිටිනවා. ඒය දුටු මජර පාලකයන් ඔවුන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා නගමින් කුමණ්ත්‍රය කරමින් සිටින බව පැහැදියි. එම ද්‍රෝහී කුමණ්ත්‍රන පරාජය කරමින් ජාතික සම්පත් රැක ගැනීමේ සටන ඒකාන්තයෙන්ම ජය ගන්නවා ඇත.
මේ සමිති කාරයෝ තමා රට කෑවේ... මේවා ජෙප්පන්ගේ සමිති
ආදර්ශයක් . අනෙකුත් ආයතනත් මෙසේ සෘජු ක්‍රියා ගත යුතුයි.නැත්නම් වෘත්තිය සමිති අටවගෙන කරන්නෙම කඩාකප්පල් කාරී වැඩ
ඔබ හරි .රනිල් ඔබව ගෙදර යවයිද
ඉංජිනේරු කියන්නේ නමේ කොටසක්ද?