IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන්තොටේ වෘත්තීය සමිති නායකයෝ 28ක් දොට්ට?

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අද දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ.

මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයන් සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය .

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සදහන් කර තිබේ .

එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සදහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සදහා මෙසේ මොවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා තිබේ .

එසේම මෙම වෘත්තීය සමිති නායකයන් සතු ගුවන් තොටුපොළ ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සදහා භාවිතා කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දීමට ද දැනුම් දී තිබේ .

එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ .

 



අදහස් (10)

ගුවන්තොටේ වෘත්තීය සමිති නායකයෝ 28ක් දොට්ට?

Sisiranath Wanniarachchi Wednesday, 03 January 2024 04:29 PM

නියමයි. බොහෝමයක් රාජ්‍ය ආයතන පාලනය කරන්නේ වෘත්තීය සමිති විසිනි. මෙවැනි කෙලින් තීරණ නිසා ආයතන පවත්වාගෙන යාම පහසු වේ.

:       14       93

warakayaThursday, 04 January 2024 10:39 AM

වෘත්තිය සමිති වල ක්‍රියාකාරිත්වය නොදැන, හැමදේම විවේචනය කරන අලසයෙක් ...

:       3       3

Kasun Wednesday, 03 January 2024 04:29 PM

නියමයි, ඒකාබද්ධ නායකයින් කියන්නේ සමාජයට වසංගත තමයි...

:       10       84

මැක්ස් Wednesday, 03 January 2024 04:35 PM

ඉතා හොඳ පියවරක්. වෘත්තීය සමිති කාරයින් යනු අංක එකේ කඩාකප්පල් කාරීන්ය. කප්පම්කාරයින්ය. හොඳම උදාහරණය ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශක හෙද මහතායි. මොවුන් නැත්නම් අප රට සෑහෙන ඉදිරියෙනි.

:       8       88

Ananda Wednesday, 03 January 2024 05:35 PM

ඔබ හරි, ඒත්.. මහතා කෑල්ල මිනිහාට ගැලපෙනවාද? ඇඹිලිපිටිය රෝහලේ හිටපු රෝගියෙකුගේ උණුවතුර බෝතලය හොරා ගත්තු මේ වුර්තිය සමිතිකාරයා හොරෙක්. බොරු කාරයෙක්, ගංජා කාරයෙක්...

:       6       49

අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 06:22 PM

පිනාගේ වහලුන් ප්‍රීතියෙන් උදම් අනා ජයඝෝෂා නැගුවට, ඕවායේ බහුතරයක් සේවකයන් පොහොට්ටු හා අලි හවුල මගින් ඡන්ද දිනා ගැනීම සදහා රස්සාවලට දැමු මිනිසුන් බව රටම දන්නවා. අද ඒ මිනිස්සු යථාර්තය තේරුම් අරගෙන තිබෙනවා. රටේ මහජන දේපොල කුණු කොල්ලයට විකුණමින් රට විජාතිකයගේ ගොදුරු බිමක් බවට පත් කරමින්, අනාගත පරපුර තමන් උපන් බිමේ අනාතයන් බවට පත්කරමින් කොමිස් කුට්ටි ගිලින්න මජර පාලකයන් පිඹුරු පත් සකස් කරමින් සිටින බව. මෙතෙක් කලක් තමන් රැකුනු ආයාතන අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්නට ඔවුගේ ජාතික යුතුකම ඉටු කරන්න ඔවුන් පක්ෂ පාට බේද නොතකා එකට එකුතුවී පෙරමුණ ගනිමින් සිටිනවා. ඒය දුටු මජර පාලකයන් ඔවුන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා නගමින් කුමණ්ත්‍රය කරමින් සිටින බව පැහැදියි. එම ද්‍රෝහී කුමණ්ත්‍රන පරාජය කරමින් ජාතික සම්පත් රැක ගැනීමේ සටන ඒකාන්තයෙන්ම ජය ගන්නවා ඇත.

:       6       2

Lal Wednesday, 03 January 2024 06:24 PM

මේ සමිති කාරයෝ තමා රට කෑවේ... මේවා ජෙප්පන්ගේ සමිති

:       1       5

රංබොඩ Wednesday, 03 January 2024 07:16 PM

ආදර්ශයක් . අනෙකුත් ආයතනත් මෙසේ සෘජු ක්‍රියා ගත යුතුයි.නැත්නම් වෘත්තිය සමිති අටවගෙන කරන්නෙම කඩාකප්පල් කාරී වැඩ

:       0       4

prase Wednesday, 03 January 2024 08:57 PM

ඔබ හරි .රනිල් ඔබව ගෙදර යවයිද

:       0       2

ලුම්බිණි Thursday, 04 January 2024 06:41 AM

ඉංජිනේරු කියන්නේ නමේ කොටසක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site