IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන්තොටේ ගුවන් සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි

(ටී.කේ.ජී.කපිල )

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

අද(30) උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වේ .

ෙකටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ ප්‍රභූ  අමුත්තන් සහ මුදල් ගෙවා මෙම පහසුකම් ගුවන් තොටුපොළෙන් ලබා ගන්නා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙම පර්යන්තය හරහා නිරත නිතර ගමන් ගැනීම සිදු කරති .

මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව  එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



අදහස් (11)

ගුවන්තොටේ ගුවන් සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි

Piyananda Tuesday, 30 April 2024 12:44 PM

අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා. හැබැයි නියම මිනිහ ඔතනින් යනකොට.

:       5       53

Dr. Vajira Fernando Tuesday, 30 April 2024 12:44 PM

යුද්ධයක් නැති කිසිම රටක ගුවන් තොටුපල සිවිල් කටයුතු සඳහා ආයුධ සන්නද්ධ සෙබළුන් යොදවන්නේ නෑ.

:       10       40

Dr. k0k0Tuesday, 30 April 2024 01:00 PM

ඔව් ඩොක්ටර්, ඔයා හරි...!

:       2       5

කරු London Wednesday, 01 May 2024 09:54 AM

විජිත ප්‍රනාන්දු, නිකමට London Victoria Station එකට වුණත් ගිහින් බලන්න. Heavily armed පොලිසිය ඉන්න හැටි. Heathrow, Luton, Gatwick වගේ ඒවාට යන්න ඕන නෑ.

:       0       0

Aravinda Monarawila Tuesday, 30 April 2024 01:24 PM

රටට ගොඩ බහින කොට ගිනි අවි අත දරා ගත් සොල්දාදුවෝ මුලින්ම සංචාරකයන්ට විදේශ ආයෝජකයන්ට පෙනෙන්න ඉන්න එක සුබ නැ

:       2       10

හේමචන්ද්‍ර Tuesday, 30 April 2024 01:31 PM

ඕවා නිකං තියෙනකොට අක්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා ඉඳලා හිටලා වෙඩිල්ලක් දෙකක් පත්තුකෙරුවට මක් වෙනවද. ඕක උවමනාවෙලාවටම පත්තු උනේ නැත්නම්

:       0       10

Bunny Preena Tuesday, 30 April 2024 01:32 PM

ගුවන් සෙබලා නිදිමතේ හිටියා වත්ද?

:       1       2

kularathnaTuesday, 30 April 2024 05:24 PM

බීලාද කොහේද? ගුවන් හමුදාවේ ඉන්න අයගෙන් ගොඩක් ඉන්නේ බීලා. අපරාදේ බුලට් එක... අවශ්‍ය කෙනාට තිබ්බා නම් ඔය හාදයා අද ජාතික වීරයෙක්.

:       4       2

shantha Tuesday, 30 April 2024 04:22 PM

යකෝ මුන්ට ඔල්මොරෝන්දන්ද ? ගුවන් හමුදාවේ ඔක්කොටම අලුතෙන්ම හමුදා විනය ඉගැන්විය යුතුයි. දැනට නම් උන්ගේ තියෙන්නේ බොරු ශෝබනේ විතරයි,කාලකන්නි.ඔතන හිටපු විදේශිකයෙකුට වෙඩි වැදුනානම්...මේ ලෝකයේ එකම ගුවන්තොටුපොළ පිස්සන් විසින් ආරක්ෂාව සපයන.

:       3       7

Lankabarana Wednesday, 01 May 2024 05:25 AM

රජයේ දේපළ වලට දේශපාලුවන්ගේ නම් යොදනවා නම් ඒ නම් අයිතිය තියෙන පවුල් වලින් වාර්ෂිකව රජයට ආදායම් ගන්න ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන .එහෙම බැරිනම් එම නම් ඉවත්කරන්න ඕන. මොකද ඕවා හදන්න නඩත්තු කරන්න ජනතා මුදල් යොදාගෙන තියෙන නිසා. උදාහරණයක් හැටියට මත්තල ගුවන් තොටුපොළ හැදුවෙ ලංකාව ලෝකෙට ණයවෙලා .ඒ ණය ගෙවීමට රටේ සියලු ජනතාවට සිදුවෙලා තියෙනවා .එහෙම නම් එය ඉදිකිරීම් කරද්දී හොරකම් කලාට අමතරව නම බබලවන්නත් කටයුතු කිරීම සාධාරණයක් නැහැ ඒ වගේ රට තුල තියෙන ජාතික සම්පත් වලින් දේශපාලුවන්ගේ නම් ඉවත්කරන්න ඕන. පුද්ගලික වාසියට කරන මේවායින් බදු ගැනීම කිසිම වරදක් නැහැ

:       0       0

Perera Wednesday, 01 May 2024 05:44 AM

ඕවා ඕන වෙලාවට පත්තුවෙන්නේ නැති එක ගැන දුකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site