
(නිමල කොඩිතුවක්කු)
2020/21 මහ කන්නයේ වගා හානි ලබාදීම ආරම්භ කරමින් නැගෙනහිර පළාතේ ගෙවීන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී අද (08) සිදුකෙරිණි.
මෙහිදී එක් අයෙකුට උපරිමය රුපියල් එක්ලක්ෂ අසූදහසක් වන පරිදි ගොවීන් 150 දෙනෙකු සඳහා සංඛේතාත්මකව වන්දි මුදල් ප්‍රධානය කෙරිණ.
2020/21 මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන් හතළිස් දහසක් සඳහා රුපියල් කෝටි 128 ක මුදලක් බෙදා දීමට කටයුතු කරන බවත් එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර පහකට ද අනෙකුත් බෝග වර්ග සඳහා අක්කර දෙකහමාරක් සඳහා ද වන්දි ගෙවීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.
පූර්ණ හානියක් සිදු වූ විට අක්කරයකට රුපියල් හතලිස් දහසක වන්දි මුදලකුත් ඊට සමානුපාතිකව හානිය ප්‍රමාණය අනුව වන්දි ගණ්නයකොට ගෙවීමක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වගා හානියක් සිදු වූ විට එම හානිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානි තක්සේරු කොට වන්දි ගණ්නය කර ගෙවීම් සිදුකරන බවද හෙතෙම පැවසීය.
වී, බඩඉරිඟු, සෝයා, අමුමිරිස්, ලොකු ලූනු, අර්තාපල් යන බෝග වර්ග හය සඳහා ස්වාභාවික හේතූන් ගෙන් සහ වන අලින් විසින් විනාශ කිරීමෙන් සිදුවන හානි සදහා සඳහා රක්ෂණ වාරිකය අය කිරීමෙන් තොරව මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.
ඒ අනුව මෙවර වන්දි මුදල් ලබා දීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 32ක්, ත්‍රිකුණාමලයට රුපියල් කෝටි 17ක්, අනුරාධපුරයට රුපියල් කෝටි 12.5 ක්, මොනරාගලට රුපියල් කෝටි 11.9 ක්, මන්නාරමට රුපියල් කෝටි 8.3 ක්, යාපනයට රුපියල් කෝටි 7.2ක්, අම්පාරට රුපියල් කෝටි 6.3ක්, පොළොන්නරුවට රුපියල් කෝටි 5.1ක්, බදුල්ලට රුපියල් කෝටි 4.9 ක්, කුරුණෑගලට රුපියල් කෝටි 4.8ක්, මුලතිව් දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 3.1ක්, කිලිනොච්චියට රුපියල් කෝටි 2.9 ක් සහ අනිකුත් දිස්ත්‍රික්ක සඳහා රුපියල් කෝටි 12 ක මුදලක් වෙන් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. එල් බණ්ඩාරනායක, කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 2020/21 සිදුවූ හානි වලටනේ... 2021/22 මහකන්නයේ සිදුවූ මහා හානිවලට වන්දි ගෙවන්නේ කවදාද?
ආධාර ලැබුණු පිරිස් ඒ ඒ ගම්වල පොහොට්ටු සමිති වල සාමාජිකයන්ද සොයා බලන්න මම හිතන්නේ එහෙම නොවෙන්න බැහැ කියලා... හරියට දුන්නානම් නැගෙනහිර පළාතේ මිනිස්සු කොළඹට ගෙනේවිද?
රුපියල් වලින් නම් ඕනෑ තරමක් දෙන්න පුළුවන්නේ... මොකද කොල අච්චු ගහනවා, බෙදනවා. නමුත් පොහොර ගේන්න ඩොලර් කොළ අච්චු ගහන්න බෑනේ... මේක නම් මොළ හතක් නෙමෙයි, මොළ ගෙනාපු නැවක්...
මෝඩකමේ උපරිම... කිසිම වැඩපිළිවෙලක්වත් නොමැතිව, අසාර්ථක කාබනික පොහොර ක්‍රියාත්මක කරන්න ගිහින් ගොවීන්ව අමාරුවේ දාලා, දැන් මහජන මුදලින් වන්දි ගෙවනවා. චීන කුණු පොහොර සමාගමින් කලින් කොමිස් ලබා නොගත්තා නම්, අර වන්දිත් නොගෙවා ඉන්න තිබුණා. ඉතා අසාර්ථක ආණ්ඩුවක්...
මෝඩ තකතීරු අමන හරක් තීරණ අරගෙන වැඩේ අනාගත්තට පස්සේ වන්දි දෙනවා. ඔය කාබනික අමනකම හින්ද පෝර නැති හින්ද එළවලු එළවලු නැතුව හාල් නැතුව දුක් විදින මිනිස්සුනට වන්දි දෙනවද ? ඔය මේ චන්දෙ බලාහ්ගෙන කරන මගඩියක් නෙව අපේ මීහරක් ටිකත් වන්දිය අරගෙන පස්සසේ මුන්ටම කතිරේ ගහයි.
ගොන් පාලකයෝ ලංකාවේ ගොවිතැන විනාශ කරලා පිටරටින් කොමිස් ගහන්න සහල් ගෙනැල්ලා දැන් වන්දි දෙනවා. අන්දරේගේ ආණ්ඩුව... ලැජ්ජයි යකෝ..!
කාබනික ගොවිතැන හොඳට කරපු අය ඉන්නවනේ. කම්මැලි කමට හෝ දේශපාලන හෝ කොම්පැනිවල අතකොලුවෙලා වගා නොකරපු සහ කුඹුරු ගිනි තියපු අයට දෙන්න එපා. මේවා රටේ හැම මනුස්සයාගේම සල්ලි...
ගොවියන්ට පොහොර සහ තෙල් වෙලාවට දුන්නා නම් ඔය සංදර්ශන අවශ්‍ය නැහැ.
ගොවියන්ට වන්දි දුන්නාම අපිට කන්න හාල්, එළවළු බැංකුවෙන් ගේන්නද කියන්නේ? වගාකරුවන් වගාකළ යුතුයි. අප ඒවා මිලට ගත යුතුයි. ඒකයි යාන්ත්‍රණය. වන්දි දෙන නිසා වගා නොකර ඉන්න තත්වයක් එන්න බැරි නැද්ද? කෘෂිකර්මාන්තය නැති භංගස්ථාන කරලා දැන් හත්පොලේ උලාගන්නයි යන්නේ...!