IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන් හමුදාපතිට පාසලෙන් උපහාර

(තිලකරත්න දිසානායක)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් එම විද්‍යාල පරිශ්‍රයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.

විද්‍යාලයේ නර්තන කණ්ඩායම ගුවන් හමුදාපතිවරයා කැටුව ආහ. අනතුරුව බාලදක්ෂයන්ගේ ආචාරය මධ්‍යයේ රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය. පෙරදිග තූර්ය වාදක කණ්ඩය ක්‍රීඩාංගණය වෙත කැදවාගෙන ගොස් උපහාර පුද කොට ශිෂ්‍ය භට ඛණ්ඩයයේ උත්තමාචාරය පුද කිරීමද සිදු කෙරිණි.

අනතුරුව විද්‍යාලයේ ගගන අංශයේ සිසුන් විසින් නිර්මාණය කළ ගුවන් යානා සංදර්ශනයක්ද පැවැත්විණි.

බණ්ඩාරනායක විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය මගින් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපතිවරයාගේ මව පේමවතී රාජපක්ෂ, බිරිද ඉනෝකා රාජපක්ෂ යන මහත්මීන්ද , බණ්ඩාරනායක විදුහල්පති කසුන් කසුන් ගුණරත්න, නියෝජ්‍ය විදුහල්පතිනී උදේශිකා කාරියවසම්,, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති එස්.මිලාන් ප්‍රභාත් යන මහත්ම මහත්මීන්ද , ආචාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් සහ සිසු දරුවන් එක්ව සිටියහ.

 

 



අදහස් (2)

ගුවන් හමුදාපතිට පාසලෙන් උපහාර

P.d goonawardena Thursday, 27 July 2023 12:18 PM

සුභ පැතුම්...

:       0       14

Kazi Shajahan Thursday, 27 July 2023 02:53 PM

කවුද මේ හෙලිකොප්ටර් වලට ඉන්ධන දෙන්නේ .ජනතාවගේ මුදල් නෙ .නිකන් උත්සව තියලා නාස්ති කරන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site