(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රන් අනාභරණ පැහැර ගැනීමේ අරමුණෙන් කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කඩා වැදුණු පුද්ගලයකු එම නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකුට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිද්ධියෙන් දින තුනකට පසු මියගිය බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවූ කේ . අනුර ඉන්ද්‍රකුමාර ප්‍රනාන්දු මහතාය.
අනුර මහතා දියණියන් තිදෙනෙකුගේ තිදෙනෙකුගේ පියෙකි.
මෙම සිද්ධිය වූ දින අනුර මහතාගේ බිරිඳ සහ දියණියන් තිදෙනා දේවස්ථානයේ පැවැත්වෙන පූජාවට ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ ගෘහ සේවිකාව සහ අනුර මහතා පමණක් යැයි පොලීසිය කියයි.
උඩු මහලට හොර රහසේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු සේවිකාව ගැට ගසා ඇය පැළඳ සිටි රත්තරන් මාලයද රත්තරන් කරාබු ජෝඩුව පැහැරගෙන පහත මාලයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
පහත මාලයේ රූපවාහිනිය නරඹමින් සිටි අනුර මහතාට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඔහු පැළඳ සිටි පවුන් තුනක් බර රන්මාලය ද පැළඳ සිටි රත්තරන් අත් පළඳනාව සහ මේසයක් මත තිබූ රත්තරන් මුදු තුනක් ද පැහැරගත් එම පුද්ගලයා පලාගොස් ඇතැයිපොලීසිය සඳහන් කරයි.
මෙම තොරතුරු පොලිසියට හෙළිකර ඇත්තේ අනුර මහතාගේ නිවසේ සිටි ගෘහ සේවිකාව ගෘහසේවිකාව විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ සේවිකාවත් වැඩේට හවුල් වගෙයි පෙනෙන්නේ
අම්මයි දූයි කියපුවා දෙයියොත් අහලා, ලක්ෂ ගණන් රත්තරං ගෙදරට...