( ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අද (12) ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඇය ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි .
ඇය අද ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය ගමන් ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතික බෝට්ටු ස්කීපර්වරයෙකු (රියැදුරුවරයෙකු ) ඇයට මෙලෙස අඩන්තේට්ටම් සිදු කර තිබේ .
මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර , වින්දිත කාන්තාව මෙන්ම ඉන්දීය ස්කීපර්වරයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ .
මෙසේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ස්කීපර්වරයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd