
(රෝෂන් තුෂාර)
ගුවන් ගමනකට බාධා කරමින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා ලද පාකිස්තාන් ජාතික තරුණ සංචාරක මිතුරන් තිදෙනකුට දැඩිසේ අවවාද කර මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (18)නියෝග කළාය.
විත්තිකරුවන්ට කිසිදු පෙර වැරැද්දක් නොමැති වීම සහ සංචාරකයන් ලෙස මෙරටට පැමිණ ආපසු බැංකොක් බලා යමින් සිටියදී හදිසියේ තිදෙනා අතර ඇති වූ වචන හුවමාරුවක් නිසා හටගත් ආසන ගැටළුව හේතුවෙන් මතු වූ ගුවන් ගමන් බාධාවට සමාව අයැදීම සහ චෝදනාවන්ට වරද පිළිගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මුදා හැරීමට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd