IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් ගබඩාවෙන් මැණික් අතුරුදන්

(ඉන්දිකා  රාමනායක)

ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරට ගුවන් මගින්   රැගෙන යාමට තිබූ පාර්සල් වල තිබී මැණික් ගල් 14  සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පාර්සල් ගබඩාවේ සේවය කරන සේවකයන් දෙදෙනකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය මඟින් රැගෙන  එන ලද අධිවේගී තැපැල් මලු වල බහා තිබූ  මෙම මැණික් ගල් 14 පසුගිය අප්‍රේල් 26 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට සිඩ්නි නුවර පුද්ගලයකු වෙත රැගෙන යාමට නියමිතව තිබූ බව පොලිසිය පවසයි.

අධිවේගී තැපැල් මලු වල තිබූ මැණික් ගල් 14 අස්තානගත වී ඇති බවට  එහි හිමිකරු ඕස්ට්‍රේලියාවෙ ෆෙඩරල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල අනුව  ගුවන් තොටුපොළ තොටුපල පොලීසිය  විමර්ශන ආරම්භ කර ඇති අතර ගබඩාවේ සවිකර තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු විසින් මේවා සොයාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23,25 යන වයස්වල පසුවන හසලක හා තෝලංගමුව පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා  අද (15) ගමු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ගුවන් ගබඩාවෙන් මැණික් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site